උත්සවයේ ගාම්භීර බව පෙන්වන්න ඔ්නෑ කියා සිසුවකුගෙන් 5500 බැගින් එකතු කරයි..

September 8, 2022 at 4:40 pm | lanka C news
උත්සවයේ ගාම්භීර බව පෙන්වන්න ඔ්නෑ කියා සිසුවකුගෙන් 5500 බැගින් එකතු කරයි..

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි පුහුණුව අවසන් කර ස්ථිර පත්වීම් ලබා සිටින 2015 – 2017,2016 – 2018 සහා 2017 – 2019 කණ්ඩායම් තුනෙහි සිසුන් සදහා ඩිප්ලෝමා සහාතික පත්‍ර ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි ඹක්තෝම්බර් 07 සිට ඹක්තෝම්බර් 21 දින දක්වා පැවැත්වීමට යෝජිතව තිබේ.

මෙම ඩිප්ලෝමා සහාතික පත්‍ර ප්‍රදානෝත්සවයේ සහතික පත්‍ර මුද්‍රණය සදහා සිසුන් විද්‍යාපීඨයන්ට ඇතුලත් කර ගැනිමේදි එක් සිසුවෙක් ගෙන් ලියාපදිංචි ගාස්තු ලෙස අය කරන ලද රුපියල් 1500ක ඇප මුදලද ඊට අමතරව උත්සවය සදහා එක සිසුවෙකු ගෙන් රුපියල් 4000 බැගින් අය කිරිමට විද්‍යාපීඨ පාලන අධිකාරින් විසින් මේ වන විට යෝජනා කර තිබෙන බව වාර්තා වෙයි.

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයේ සෘජු බලපෑමට ලක්ව සිටින 11500 ක පමණ ගුරුවරුන් පිරිසකට රුපියල් 5500 ක මුදලක් ගෙවා ඩිප්ලෝමා සහාතික පත්‍ර ප්‍රදානෝත්සවයට සහාභාගි වීමට සිදුව තිබිම නිසා දැනටමත් ගුරු සිසුන් පිරිසක් උත්සවයට සහාභාගි නොවි පසුව ජාතික අධ්‍යාපන ආයතනය වෙත ගොස් ඩිප්ලෝමා සහාතික ලබාගන්නා බව විද්‍යාපීඨ පීඨාධිපතිවරුන්ට දන්වා ඇති බව වාර්තා වෙයි.

රජයේ විශ්වවිද්‍යාල වල විශ්වවිද්‍යාල මට්ටමින් විශ්වවිද්‍යාලයට අනන්‍ය වු ක්‍රමවේදයකට උපාධි ප්‍රදානෝත්සවය පවත්වන ආකරයට මෙවර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මට්ටමින් සරල චාම් ඩිප්ලෝමා සහාතික පත්‍ර ප්‍රදානෝත්සව පවත්වන ලෙස මෙම ගුරු සිසුන් කණ්ඩායම් තුන එක්ව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිත ඉල්ලීමක් කලද එයට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ලබානොදි ඇති බව ඩිප්ලෝමා සහාතික පත්‍ර අපේක්ශක අපේක්ශිකාවන් පවසයි.

– චරිත් රණවක

62,430 views

5 Comments to “උත්සවයේ ගාම්භීර බව පෙන්වන්න ඔ්නෑ කියා සිසුවකුගෙන් 5500 බැගින් එකතු කරයි..”

  1. aniwa says:

    Someone has to pay the bill during this difficult time. Its to decide between hosting the convocation in BMICH or in an open space place like Viharamahadevi Park.

  2. Srinath says:

    රට බංකොලොත් ව් තිබෙන අවස්තාවක කෝට් ගණනක මුදලක් එකතු කර මෙවැනි පුහු ආටෝප වැඩ කිරිමට අනුමැතිය දෙන බලධාරීන් ගැන අධ්‍යාපන අමාත්‍යාංවරයා සහා ජනාධිපතිවරයා වහා සොයාබැලිය යුතුයි.

    • NAKAMURA says:

      රාජ්‍ය නිලදාරී කම්බා හොර වේස හැත්ත ඔවුන්ගේ සක්කිලි පවුල් පිටින්ම පන පිටින් පුළුස්සා මරනු.

  3. damian says:

    11,500 x 5,500 = 63,250,000.00
    මිලියන් 63 කින් ඕන නම් මිලියන් 5 ක් හෙවත් ලක්‍ෂ 50 ක් වියදම් වෙයි. ඉතුරු ටික විද්‍යාපීට ලොක්කන් ගේ බැංකු ගිණුම් වල​.

  4. රිස්වාන් says:

    පීඨාදිපති හොරනඩය රාජකිය කොම්ස් ගසා කෑමකට තමයි මේ සැරසෙන්නේ.ඔය හොරහැත්තට හොද පාඩමක් උගන්වන්න සියලු ගුරුවරු ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය වර්ජනය කල යුතුයි.

Main News