උතුමානෙනි, මාලදිවයින ස්ථාවර කරන්න.. ස්ථාවර ලංකාවේ කතානායක මාලදිවයිනට ලියා දන්වයි..

February 20, 2018 at 8:02 am | lanka C news
උතුමානෙනි, මාලදිවයින ස්ථාවර කරන්න.. ස්ථාවර ලංකාවේ කතානායක මාලදිවයිනට ලියා දන්වයි..

මාලදිවයින තුල වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය පිලිබදව සාක් කථානායකවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා විසින් මාලදිවයින් කථානායකවරයාට විශේෂ ලිපියක් යවා ඇත.

පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.

අතිගරු අබ්දුල්ලා මසීහ් මොහොමඩ් , පා.ම.
පීපල්ස් මජ්ලිස් හි කථානායක,
මාලිදිවයින ජනරජය

උතුමාණෙනි,

ප්‍රජාතන්ත්‍රවාදී ධර්මතාවන් සහ පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනතුරෙහි හෙලමින් මාලිදිවයිනෙහි ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ සභාපති වශයෙන් මෙම සංගමයේ අවධානය යොමුකිරීම සඳහා ලියමි.

ඔබතුමා හොඳින් දන්නා පරිදි දකුණු ආසියානු කළාපය තම ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග අගයමින් සාක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රඥප්තියෙන් ද ආභාසය ලබා ගනිමින් කටයුතු කරන අතර සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය සැමවිටම එම පිළිගැනීම සහිතව කටයුතු කරයි. කළාපයේ පාර්ලිමේන්තු කාර්ය පටිපාටි සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කථානායකවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදහස් සහ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම සංගමය විසින් මණ්ඩපයක් සකසා දෙයි. එමනිසා මේ අවස්ථාවේ මූලික ප්‍රජාතාන්ත්‍රික ව්‍යවහාරයන්, නීතියේ ආධිපත්‍ය, යහ පාලනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති මූලධර්ම සහ මාලදිව‍යිනේ එකිනෙක පාලන ආයතන අතර බලතල බෙදා වෙන්කිරීම ආරක්ෂා කිරීම යන කාරණා සම්බන්ධයෙන් ඔබතුමා වෙත ප්‍රවේශ නොවන්නේ නම් එය තම වගකීම අතපසු කිරීමක් වන බව සංගමයේ විශ්වාසය වන අතර මෙම කාරණා සුරක්ෂිත කළ විට එය පෙරළා මෙම කළාපය තුළ සිටින අප සියළු දෙනා ශක්තිමත් කිරීම සඳහා උපකාරී වේ.

උතුමාණෙනි, මාලදිවයිනේ මෑතක සිදුවූ සිදුවීම් වන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ අත්අඩංගුවට ගැනීම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග වලට අවනත නොවීම, ව්‍යවස්ථාදායක මූලධර්ම වලට තර්ජනයක් වන අතර නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය අවතක්සේරු කරයි. මේ සියළු කාරණා රටේ සියළුම දේශපාලන පක්ෂ වල පූර්ණ සහභාගිත්වයෙන් සිදුවන විශ්වසනීය සහ සියළු දෙනාම ඇතුළත් වන පූර්ව මැතිවරණ ක්‍රියාවලියට ද අහිතකර ලෙස බලපායි.

මෙම සංගමය තම සාමජිකයන් අතර මාලදිවයින වැදගත් සා‍මාජිකයෙක් ලෙස සළකන අතර එමනිසා කළාපයට අහිතකර ලෙස බලපාන ආකාරයට රටෙහි දැනට ඇතිවී තිබෙන තත්ත්වය සහ ඇතිවෙමින් තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමු කරයි.

පීපල්ස් මජ්ලිස් හි කථානායකවරයා වශයෙන් ඡන‍්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට තම ව්‍යවස්ථාදායක යුතුකම් ඉටුකිරීමට හැකිවන ව්‍යවස්ථාදායක ව්‍යුහයක් පිහිටුවීම සහ මාලදිව‍යිනේ ජනතාවට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලබා දීම නැවත තහවුරු කිරීමටත් මූලික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආරක්ෂාව, ස්ථාවරභාවය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහාත් අදාළ සියළු පක්ෂ ඇතුළත්ව අදාළ බලධාරීන්ට සාකච්ඡා තුළින් සාමකාමී විසඳුමක් සොයන ලෙසට බලපෑම් කිරීමට කටයුතු කරන ලෙස අපි ඔබතුමාට අවධාරණය කරමු.

උතුමාණෙනි, මේ පිළිබඳ මාගේ උපරිම අවධානය යොමුකළ බව සහතික කරන බව කරුණාවෙන් සළකන්න.

කරු ජයසූරිය

කථානායක,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

සභාපති,
සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය

68 views

10 Comments to “උතුමානෙනි, මාලදිවයින ස්ථාවර කරන්න.. ස්ථාවර ලංකාවේ කතානායක මාලදිවයිනට ලියා දන්වයි..”

  1. Kamal says:

    ලෝකෙට පරකාසේ…ගෙදරට මර ගාතේ…

  2. ExUNPer says:

    The truth is our current parliament/ parliamentarians have rarely shown gentleman qualities and widely shown third class qualities….and hence become a jokers or mad people’s paradise. No one cares them.
    Yet we are awaiting till they fix so that we can give due respect.

  3. Sunil says:

    ලෝකෙට පරකාසේ
    ගෙදරට මරගාතේ!!

  4. Chethiyasena says:

    😂😂😂😊😊😊😂😂😂😂😂😂😂😂

  5. ලෝකෙට පරකාෂ් ගෙදරට මරගාත් says:

    ලෝකෙට පරකාෂ් ගෙදරට මරගාත් කියන්නේ මේකට. උතුමාණනි බම්බු නොගහා ලංකාවේ පාර්ලිමේන්තු රැස්වීම වත් පාලනය කර ගන්න. අපේ ඉරටු කුල්ල වගේද ඔයාලගේ පරාලේ.. ඔයාලගේ ජන මතය හා අපේ තනි මතය.

  6. vishnu says:

    ලෝක විහිළු

  7. Nim says:

    ASADARANA WEDEYATA
    KIYA KARANA MOHU
    ANUNTA KIYA DENNA THARAM
    AATHMA GARUTH WAYAK THIYENA WADA?
    LAJJA NATHI KAMA
    MAHA MUDALI KAMATATH WADA LOKULU

  8. අනා ගත්ත වැකි says:

    අපේ හීන් බබා සීය හිතාගෙන ඉන්නෙ ලංකාව මාල දිවයින් දූපතක් කියල වෙන්න ඇති.

  9. Jayadeva says:

    Karu- Maya-K

  10. Olamottala says:

    ඕයි ඒක අපි බලාගන්නම් තමුසෙල ෆුල් ට්‍රයි කරල ශ්‍රී ලංකාවට කොරල තියෙන මඩ ගොහොරුවෙන් ගොඩ එන්ඩ මහින්දල ගෙන්වත් උපදෙසක් ගන්නවා. එනව මෙතන කරවටක් අසූචියෙ එරිල ඉදගෙන අපිට උපදෙස් දෙන්ඩ.
    මීට, අබ්දුල්ලා මසීහ්

Main News