උතුරට ඇතුල්වන සහ උතුරෙන් පිටවන සියලුම වාහන හමුදාවෙන් පරීක්ෂාවට.. ඔ්මන්ත, පුලියන්කුලම, තාණ්ඩික්කුලම, තේක්කවත්ත, ඉරට්ටපෙරිය පරීක්ෂණ ස්ථාන..
April 28, 2019 at 8:40 am | lanka C news
උතුරු පලාතට පිට පලාත්වලින් ඇතුලු වන සහ උතුරෙන් පිට පලාත්වලට පිටවන සියලුම රථවාහන පූරණ පරික්ෂාවකට ලක් කිරීමේ මෙහෙයෙමක් යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ආරම්භ කොට ඇත.
ඒ අනුව උතුරු පාලතට ඇතුල් වන සහ උතුරෙන් පිටවන සීමාව පිහිටි වව්නියාව දිස්ත්‍රීක්කයේ විශේෂ සෝදිසි මුරකපොලු 5 ක් පිහිටුවා යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ ධාවනය කෙරෙන සියලුම රථ වාහන පූරණ සෝදිසි කිරීමකට ලක්කෙරෙනු ඇත.
එහිදී පුලියන්කුලම, ඕමන්ත, තාණ්ඩික්කුලම, තේක්කවත්ත හා ඉරට්ටපෙරිය කුලම් යන ස්ථානයන්හි මෙසේ හදීසි සෝදිසි මුරපොළවල් පිහිටුවා වාහන පරික්ෂාවකට ලක් කෙරෙන අතර අතුරු මාර්ගයන්හිද යුද හමුදාව හා පොලීසිය එක්ව වෙනත් කණ්ඩායම් වශයෙන්ද සෝදිසි පරික්ෂාවන්ට ලක් කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම ඕනෑම අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු හෝ ස්ථානයක් පිළිබඳව සැක පලවන්නේ නම් ලගම පිහිටි ආරක්ෂක අංශ වෙතට දැනුම් දෙන ලෙසටද උතුරේ ආරක්ෂක අංශ විසින් මහජනතාවගෙන්ද ඉල්ලීමක් කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඊබ්‍රහම් සුමන්තිරන් කෝ ඔයා….
ඔයා සද්දෙ වහලද?
කතෝලික පල්ලිවලට ගැහැව්වට ඔයාට සැපද? ඔය ප්‍රොතෙස්තන්ත ද?
ආවා කල්ලියත් මේ ගමන්ම ඉවර කල යුතුය්.
පරන්තන් හරහා මුලතිව් ගිහින් සිංහපුර පාරෙන් ට්‍රින්කෝ හරහා වගේම පදවි පරාක්‍රම පුර පැත්තෙනුත් එලියට එන්න පුළුවන් . ඒ වගේම නැගෙනහිර සිට වාකරේ හරහා එන වාහන උතුරට එන්නෙත් ඒ පැත්තෙන්. සමහර විට නීති විරෝධී වැඩවලට කන්තලේ හරහා අළුත්ඔය -හොරොව්පතාන පැත්තෙනුත් සමහරු එනවා. ආරක්ෂක අංශ වැඩි අවධානයක් නොහිතන පළාත් වලින් තමා ඔවුන් පාරවල් යොදාගන්නේ .
රට තුල නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ආවා නිකංම නැතිවෙලා යයි !!.