උතුරට එපා කියන යුද හමුදාවෙන් කිලිනොච්චියේදී පින් පිරෙන වැඩක්..

July 30, 2018 at 5:30 pm | lanka C news
උතුරට එපා කියන යුද හමුදාවෙන් කිලිනොච්චියේදී පින් පිරෙන වැඩක්..

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ දුෂ්කර ගම්මානයන්හි නැවත පදිංචිව සිටින වැසියන් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය සායනයන් පැවත්වීමට පියවර ගෙන ඇත.

එහි එක් පියවරක් වශයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් පරිදි 66 වන සේනාංකෙයේ සේනංකාධිපති බ්‍රිෙග්ඩියර්  දීප්ති ජයතිලක මහතාගේ අධීක්ෂණයෙන් එම බල ප්‍රදේශයට අයත් ජය පුරම් විද්‍යාලයේදී දන්ත වෛද්‍ය සායනයක් හා බෝ නොවන රෝග පිළිබඳ සායානයක් නොමිලේම එම වැසියන් වෙතට ලබා දීමට පියවර ගෙන තිබුණි.

මෙම වෛද්‍ය සායනයන් වෙනුවෙන් ප්‍රදේශයේ නැවත පදිංචි වැසියන් විශාල පිරිසක් පැමිණ ප්‍රතිකාර ලබා ගත් අතරම වෛද්‍ය සායනයන් වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්ක මහ රෝහලේ වෛද්‍ය කුමාරවේල්, වෛද්‍ය මධුවන්ති, වෛද්‍ය බාලකුමාර, වෛද්‍ය හම්ලට්, වෛද්‍ය උපේකා, වෛද්‍ය  රුසිරු, වෛද්‍ය දමින්ද  යන වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගි වෙමින් නොමිළේම සිය සේවය ලබා දෙන ලදි.

පසුගිය දිනයන්හි කිලිනොච්චිය ඇතුලු උතුරු පලාතෙන් යුද හමුදාව ඉවත්විය යුතු බවට දෙමළ දේශපාලඥයින් විරෝධතා පැවත්වුවද උතුරේ යුද හමුදාව විසින් සාමාන්‍ය වැසියන් වෙනුවෙන් සිදු කරන සත්කාරයන් සියල්ලක්ම සිදු කරමින් පවති.

15 views

3 Comments to “උතුරට එපා කියන යුද හමුදාවෙන් කිලිනොච්චියේදී පින් පිරෙන වැඩක්..”

  1. sinha le says:

    දෙමළ කියන්නේ කෙලෙහි ගුන දන්නැති ජාතියක්

  2. NAK says:

    Eka makunai lamayo kanne ey okkma makuno maranne!!

    • සම්පත් නගරගිරි says:

      Sinha le…
      අපගේ සින්හල බහුතරයටද කෙලේහිගුණයක් නැත…

Main News