උතුරට දැඩි නියගය.. පවුල් 7350ක් විපතේ..

March 29, 2019 at 2:19 am | lanka C news
උතුරට දැඩි නියගය.. පවුල් 7350ක් විපතේ..

උතුරු පලාතට මේ දිනවල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් වවුනියාවේ සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි පවුල් 7350 කට අයත් පුද්ගලයින් 25,296 දෙනෙකු විපතට පත්ව ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකයන් පවසයි.

මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ ඩෙල්ෆ් , වේලනයි, කයිට්ස් සහ මරදන්කේනි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ජනතාව  අධික පෑවිල්ල හේතුවෙන් විපතට පත්ව ඇති අතර ඩෙල්ෆ් දූපතේ පවුල් 1031 කට අයත් පුද්ගලයින් 3071ක්ද , වේලනයි පවුල් 2798 කට අයත් පුද්ගලයින් 9642ක්ද, මරදන්කේනිහි පවුල් 1060 කට අයත් පුද්ගලයින් 4630ක්ද, කයිට්ස් දූපතේ පුද්ගලයින්, 2422 කට අයත් පුද්ගලයින් 7848 දෙනෙකු විපතට පත්ව ඇති බවට යාපනය ආපදා කලමනාකරන මධ්‍යස්ථාන කාර්යාලය පවසයි.

එමෙන්ම වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 39 කට අයත් පුද්ගලයින් 105 දෙනෙකුද අධික පෑවිල්ල හේතුවෙන් විපතට පත්ව සිටින බවට වව්නියාව ආපදා කලමනාකරන මධ්‍යස්ථාන කාර්යලය පවසයි.

මේ අනුව විපතට පත් වැසියන් වෙනුවෙන් ප්‍රදේශ භාර ප්‍රාදේශීය ලේකම් කාර්යල හරහා පානීය ජලය ඇතුලු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවටද ප්‍රදේශ භාර ආපදා කලමනා කරන කාර්යාල නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

163 views
Main News