උතුරට දැඩි පෑවිල්ලෙන් පුද්ගලයින් ලක්ෂ එකහමාරකට අධික පිරිසක් පීඩාවට..

May 29, 2019 at 2:07 am | lanka C news
උතුරට දැඩි පෑවිල්ලෙන් පුද්ගලයින් ලක්ෂ එකහමාරකට අධික පිරිසක් පීඩාවට..

උතුරට මේ දිනවල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් උතුරු පලාතේ පවුල් 45554 කට අයත් පුද්ගලයින් 151,640 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇති බවට ජාතික ආපදා කලමනාකරන ඒකකයේ තත්ව වාර්ථා අනුව පෙන්වා දෙයි.

දැඩි පෑවිල්ල හේතුවෙන් ප්‍රදේශයන්හි පිහිටි පානීය ළිං සිඳී යාම හා සීග්‍රෙයන් ජලය අඩුවීම හේතුවෙන් එම ප්‍රදේශයන්හි වැසියන් හට පානීය ජලය ලබා ගැනීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇත.

මේ අනුව උතුරේ පෑවිල්ල හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ මන්නාරම් දිස්ත්‍රීක්කයෙනි.

මන්නාරම නානාට්ටාන්හි පවුල් පුද්ගලයින් 7649 දෙනෙකුද, මුසලි ප්‍රදේශයේ පුද්ගලයින් 14,627 දෙනෙකුද , මාන්තෙයි බටහිර පුද්ගලයින් 20,738ක්ද මන්නාරම් නගරයේ පුද්ගලයින් 6460ක්ද මඩු ප්‍රදේශයේ පුද්ගලයින් 6850 ක් වශයෙන් මන්නාරමේ මුලු පවුල් 16,243 කට අයත් පුද්ගලයින් 56,324 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇත.

මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන ඩෙල්ෆ් දූපතේ පුද්ගලයින් 3071ක්ද , වේලනයි පුද්ගලයින් 9642ක්ද, මරදන්කේනිහි පුද්ගලයින් 4630ක්ද, කයිට්ස් දූපතේ පුද්ගලයින් 7848 ක්ද , කරයිනගර්හි පුද්ගලයින් 8297 දෙනෙකුද, කරවෙඩ්ඩි ප්‍රදේශයේ පුද්ගලයින් 1064 දෙනෙකුද චාවකච්චේරි ප්‍රදේශයේ පුද්ගලයින් 11,484 දෙනෙකු වශයෙන්  මුලු පවුල් 13,768කට අයත් පුද්ගලයින් 46036 ක් පීඩාවන්ට පත්ව ඇති බවට ජාතික ආපදා කලමනාකරන මධ්‍යස්ථාන කාර්යාලය පවසයි.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ කණ්ඩාවලෙයිහි පුද්ගලයින් 403 ක්ද පූනකරී ප්‍රදේශයේ පුද්ගලයින් 8679 ක් වශයෙන් දිස්ත්‍රීක්කයේ මුලු පවුල් 2738 කට අයත් පුද්ගලයින් 9082 ක් පීඩාවන්ට පත්ව ඇත.

මුලතිව් දිස්ත්‍රීක්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පුද්ගලයින් 6296 දෙනෙකුද මැරිටියන්පත්තු ප්‍රදේශයේ පුද්ගලයින් 33,797 ක්වශයෙන් මුලු පවුල් 12,766කට අයත් පුද්ගලයින් 40,093 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

එමෙන්ම වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 39 කට අයත් පුද්ගලයින් 105 දෙනෙකුද අධික පෑවිල්ල හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර එසේ පීඩාවන්ට පත් වැසියන් වෙනුවෙන් ප්‍රදේශ භාර ප්‍රාදේශීය ලේකම් කාර්යල හරහා පානීය ජලය ඇතුලු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවටද දිස්ත්‍රීක් භාර ආපදා කලමනා කරන කාර්යාල නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

134 views
Main News