උතුරට දැඩි මීදුමක්… වර්ෂාව නැති වේයැයි ගොවීන් බියෙන්..

November 7, 2019 at 2:02 am | lanka C news
උතුරට දැඩි මීදුමක්… වර්ෂාව නැති වේයැයි ගොවීන් බියෙන්..

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාරගය ඇතුලු උතුරු පලාතට මේ දින වල උදෑසන කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිවීම හේතුවෙන් වාහන ගමනාගමන කටයුතු වලට මෙන්ම ගොවිතැන් කටයුතු වලට බලපෑමි සිදුව ඇත.

වව්නියාව හා කිලිනොච්චිය ඒ-9 මාර්ගයේ උදෑසන  කාලයේ දැඩි මීදුම් තත්වයක් ඇතිවීම හේතුවෙන් වාහන ගමනාගමනයට මෙන්ම උදෑසන රාජකාරි කටයුතු වෙනුවෙන් ගමන් කරන රාජ්‍ය සේවකයින්ට හා පාසල් ළමුන්ට බාධා එල්ල වී ඇත.

එමෙන්ම පසුගිය වසරේද (2018) ඔක්තෝම්බර් මස හා නොවැම්බර් මාසයන්හි දැඩි මීදුම් තත්වයක් ඇතිවීමෙන් පසුව උතුරට වර්ෂාව නොලැබීමෙන් කුඹුරු විශාල ප්‍රමාණයක් ගොවිතැන් කිරීමට නොහැකි වූ අතර මේ වසරේද එලෙසින්ම මීදුම් තත්වයක් ඇතිවීමෙන් මහකන්නයේ ගොවිතැන් වෙනුවෙන් වර්ෂාව නොලැබේදැයි පිළිබඳව උතුරේ ගොවීන් දැඩි බියකින් පසුවෙති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,986 Viewers

One Comment to “උතුරට දැඩි මීදුමක්… වර්ෂාව නැති වේයැයි ගොවීන් බියෙන්..”

  1. JOY says:

    උතුරේ TNA ත්‍රස්තවාදී දේශපාලකයන්ගේ වැරදි වැඩ වලට දේව සාපය ..උතුරේ ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීමට ගිය අවස්ථාවේ ජාතිවාදී මෙලෙච්චේද TNA ඇතුළු දෙමල ජාතිකයින් එම ආදාහන පෙරහැරට ගල් ගැසූ සාපය…..

Main News