උතුරට දුන් ඉන්දියානු නිවාස වසර 05 කටත් පෙර කඩා වැටෙන ලකුණු..

May 7, 2018 at 8:02 am | lanka C news
උතුරට දුන් ඉන්දියානු නිවාස වසර 05 කටත් පෙර කඩා වැටෙන ලකුණු..

මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උයිලම්කුලම් ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය වැසියන්ට ලබා දුන් ඉන්දියානු නිවාස දැඩි අබලන් තත්වයක් ඇති බව හා ගම්මානයන්හි කිසිදු පහසුකමක් නොමැති බව කියමින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

තුනුක්කායි බස්නැවතුම්පල සිට තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පැමිණි විරෝධතා කරුවන් විසින් තුනුක්කායි ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය වෙතට සන්දේශයක් භාරදෙනු ලැබුවේ තම ගැටලු වෙනුවෙන් ඉක්මන් විසඳුමක් ලබා දෙ ලෙසට ඉල්ලා සිටිමිනි.

එහිදී විරෝධතා කරුවන් විසින් කියා සිටියේ 2012 වසරේ තමන් නැවත පදිංචිය සඳහා උයිලන්කුලම් ග්‍රාමයට පැමිණි තමන්ට ඉන්දියානු ස්ථීර නිවසක් ලබා දී විවිධ පහසුකම් ලබා දෙන බවට රජය මෙන්ම විවිධ සංවිධාන විසින් කියා සිටියද මේ වන විට තමන්ට යන එන මන් නැතිව සිටින බවට පැවසූහ.

එමෙන්ම 2012 වසරේදී ලබා දුන් නිවාස වසර 05 ගත වීඹටත් පෙර නවසේ ඉදිකිරීමහි පවතින ශක්තිමත් බාවයෙන් ඉතා අඩු මට්ටමක පවතින නිවාස රැසක් මේ වන විට ගරා වැටෙමින් පවතින අතරම බොහෝ නිවාසයන්හි ඉරි තලා වැටී ඇති බවටද වැසියන් විසින් පෙන්වා දෙති.

එමෙන්ම 2012 වසරේදී උයිලන් කුලම් ගම්මානයේ පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී,ටී,ඊ සාමාජිකයින්ද නැවත පදිංචි වී සිටින අතරම මේ දක්වා ඔවුන්ටද කිසිදු පහසුකමක් නොමැතිව දැඩි සේ අසරණව සිටින බවටද විරෝධතා කරුවන් වැඩි දුරටත් කියා සිටියහ.

විරෝධතා කරුවන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශය මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා අදාල බලධාරීන්ට යොමු කරවන බවටද තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එහිදී විරෝධතා කරුවන්ට දැනුම් දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

48 views

3 Comments to “උතුරට දුන් ඉන්දියානු නිවාස වසර 05 කටත් පෙර කඩා වැටෙන ලකුණු..”

  1. CORBRA says:

    එල්.ටී,ටී,ඊ සාමාජිකයින්ද මොන ගෙවල්ද ? මේ මෙලෙච්චේද ත්‍රස්තවාදීන් සිටිය යුත්තේ සිරගෙවල් වල .මේ සක්කිලි දෙමළ .අපරාධකාරයන් අපේ රටට පිළිලයක් ,,පලයව් තමිල් නාඩුවට

  2. SUNIMAL says:

    එල්.ටී,ටී,ඊ විරෝධතා කරුවන්ට වතුර ගෑස් ගසා එළවන්නේ නැත්තේ මන්ද ?තස්තවාදීන් නිසා ආණ්ඩුව බයේද ?
    සිංහල ජනතාවගේ ඉල්ලීම් වලට පමණද වතුර ගෑස් පහරදීම් කරන්නේ ?
    ලැජ්ජයි යමපාලන ලැජ්ජයි

  3. LION says:

    දකුණු ඉන්දියාවේ වැසියන්ට වැසිකිලියක් නැහැ ..ඉන්දියාවෙන් කොටින්ට ගෙවල් හදනවා අපේ රටේ …පුදුමයි නේද ?
    මෙය සිදුකරන්නේ දකුණු ඉන්දියාවේ සිටින සක්කිලි කල්ලතොනි අපේ රටට පටවා ඔවුන්ගේ රටේ ප්‍රශ්න විසදා ගැනීමට
    උතුරේ දෙමල දේශපාලුවෝ ..චන්දෙ වැඩි කරගැනීමට දෙමල ජනගහනය වැඩිකරගැනීමට අපේ රටට ඔවුන් ගෙන්වා ගන්නවා .
    අපේ රටේ අවස්ථාවාදී සිංහල දේශපාලුවෝ මේවා නොදැක්කා ලෙස සිටිනවා ..අපේ රට ජාතිය විනාශ වෙනවා

Main News