උතුරට පළාත් සභා එපා කියා උතුරේ ජනතාව කියයි…

February 19, 2019 at 8:40 am | lanka C news
උතුරට පළාත් සභා එපා කියා උතුරේ ජනතාව කියයි…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

ලංකාවට පළාත් සභා හඳුන්වා දුන්නේ උතුරු නැගෙනහිර ජනතාවට තිබෙන බව කියූ ප්‍රශ්න වලට විසඳුමක් වශයෙන්.  පළාත් සභා හඳුන්වා දීමෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳෙන බවට ඉන්දියාව වගේම එක්සත් ජාතික පක්ෂය, වාමාංශික පක්ෂ, ප්ලොට්, ඊපිආරඑල්එෆ්, ඊපිඩීපි, ටෙලො, දෙමළ විමුක්ති එක්සත් පෙරමුණ වැනි දේශපාලන බලවේගත් විශ්වාස කළා.  ඒ අනුව දකුණේ ජීවිත 73,000ක් පූජා කරමින් පළාත් සභා පිහිටෙව්වා.

දැන් උතුරේ පළාත් සභාව විසිර ගිහින් මාස 5ක් වෙනවා.  නැගෙනහිර පළාත් සභාව විසිර ගිහින් මාස 17ක් වෙනවා.  ආණ්ඩුව සිතා මතා පළාත් සභා මැතිවරණය කල් දමා තිබෙනවා.  පළාත් සභාව උතුරු නැගෙනහිර ජනතාවට නැතුවම බැරි නම් පළාත් සභා ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නම් දැන් උතුරු සහ නැගෙනහිර පළාත් වල පළාත් සභා ඉල්ලා ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න එපායැ.  පසුගිය මාස 17ටම උද්ඝෝෂණයක් තබා හින් කෙඳිරිල්ලක්වත් නෑ.  මරාගෙන මැරිලා දිනා ගත්තාට මධ්‍යම ආණ්ඩුව උතුරට කරපු දේවත් මහ ඇමති විග්නේෂ්වරන්ට කරන්න බැරි වෙලා තිබෙනවා.  අධ්‍යාපනයට වෙන් කළ මුදල් භාවිතා නොකර ආපසු ගිිහින් කියන්නේ යලි කොටි ඕනෑ කියන විජයකලා අමැතිතුමිය.

අළුත් බලතල ඉල්ලන්න කලින් දුන්නු බලතල වලින් වැඩ කරලා පෙන්වන්න කියන්නේ ලංකාවේ පෙඩරල් කප්පිත්තා වන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා.  උතුරු නැගෙනහිරට වැඩි බලතල ඉල්ලා දෙමළ සංධානය සටන් කරද්දි  දෙමළ දේශපාලකයන්ට බලය ලැබුණත් එකයි නැතත් එකයි ආකල්පයෙන් තමයි දෙමළ ජනතාව ඉන්නේ.

– අරවින්ද අතුකෝරල

20 views

7 Comments to “උතුරට පළාත් සභා එපා කියා උතුරේ ජනතාව කියයි…”

  1. Nimal says:

    ඔවුන්ට අවශ්‍ය පලාත් සභාවක් නෙවි වෙනම පෙඩරල් රටක්. ඒසදහා ඔවුන් රනිල් සහ JVP එකේ සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා

    • dilan says:

      පළාත් සභා මැතිවරණයට ජාතික මැතිවරණයක තත්ත්වය ලබා දුන් මනොහාර දැන් මොකද කියන්නේ.

  2. Sam says:

    Ok we will give them Gam sbaha….

  3. Dilini says:

    Mona palath sabada kilinochchiye inna ewun munta wathura denna kamathi naha hadissiye ledekuta le tikak denna adimadikarana me jara ewunta mona sabada mulinma sahajeewanaya igenaganilla.

  4. JUDE says:

    පළාත් සභා එපා කියා මුළු රටම පාරට බැසිය යුතුයි ..මෙය බෙදුම් වාදයේ සංකේතයක් පළාත් සභා නිසා ජාතිබේද ඇතිවේ

    • Nuwan says:

      පළාත් සභා මැතිවරණය ඉල්ලා උද්ඝෝෂණය කරන ගම්මනපිල එළවනු

  5. Ranjith(SPRRW) says:

    Insert the muttiya by TULF with India. Now own gang seems to be destroyed it. Asanna karma !.Lord Buddha preached for people not to gods.

Main News