උතුරට ප්‍රාන්ත පොලිසියක් ඔ්නෑ.. DIG, ASP, SSP පත් කරන්නේ මමයි..- විග්නේෂ්වරන්
May 28, 2017 at 11:20 am | lanka C news
උතුරේ ප්‍රාන්ත පොලිසියක් ස්ථාපිත කර ද්‍රවිඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු, සහකාර පොලිස් අධිකාරිවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරු පත්කරන ලෙස උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය දැනට ක්‍රියාත්මක වන නිසා ප්‍රාන්ත පොලිසිය පහසුවෙන් පිහිටුවිය හැකි බව ද විග්නේෂ්වරන් තවදුරටත් සඳහන් කර තිබේ.
උතුරු මහ ඇමැතිගේ මෙම ඉල්ලීම ගැන ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසුවේ උතුරේ ප්‍රාන්ත පොලිසියක් ආරම්භ කළහොත් පොලිස් දෙපාර්තමේන්තුව කැබලි නවයකට කැඩෙන බවය.
එසේම උතුරේ සිදු වන සැකකටයුතු ත්‍රස්ත ක්‍රියා ගැන විමර්ශනය කිරීමට ත්‍රස්ත මර්දන ඒකකයට සහ රහස් පොලිසියට ද අවසර නොලැබෙන බවත් එම ආරංචි මාර්ග හෙළි කළේය.
පසුගියදා තිරුණාෙච්ලි කාලි අම්මාන් කෝවිලේදී ඊළාම් සිතියම ප්‍රදර්ශනය කිරීම හා කිලිනොච්චියේදී පොලිස් වාහනයකට වෙඩිතැබීමේ සිද්ධියක් ද වාර්තා විය.
– දිවයින