උතුරට මහ වැසි.. නල්ලූර් කෝවිල ජලයෙන් යටවේ..

October 31, 2021 at 5:30 pm | lanka C news
උතුරට මහ වැසි.. නල්ලූර් කෝවිල ජලයෙන් යටවේ..

උතුරු පලාතේ ගෙවී ගිය දින 5 ක කාලය තුලදී බලපෑ අධික වර්ෂාව සහ අකුණ ගැසීම් වලින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර පවුල් 11 කට අයත් පුද්ගලයින් 45 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය පවසයි.

අධික වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයට වන අතර එහි පවුල් 9 කට අයත් පුද්ගලයින් 40 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම අද (31) වන විට යාපනය නල්ලූර් කෝවිල් භූමියද වැසි ජලයෙන් යටවීමේන් බැතිමතුන්ගේ ආගමික කටයුතු වලට බාධා එල්ල වී ඇත.

මේ අතර මුලතිව් දිස්ත්‍රීක්කයට බලපෑ වර්ෂාව හේතුවෙන් පවුල් දෙදකට අයත් පුද්ගලයින් පස් දනෙකු පීඩාවන්ට පත්ව ඇති අතර එහිදී  වර්ෂාවත් සමග නිවසකට අකුණු සැර වැදීමකින් එහි සිටි එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල ගත කොට ඇති බව මුලතිව් දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකය පවසයි.

මේ අතර පවතින් අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,822 views

3 Comments to “උතුරට මහ වැසි.. නල්ලූර් කෝවිල ජලයෙන් යටවේ..”

  1. John the baptice says:

    කෝවිල බේරාගන්න බැරි දෙවියෝ

    • LION says:

      උතුරේ ජාතිවාදී දෙමල දේශපාලුවන් නිසා නල්ලුර් කෝවිලේ දෙවියෝ පැනලා ගිහින් වගෙයි

  2. Mangala says:

    හපොයි දෙවියෝ කොහෙද ගියේ