උතුරට UN සාම හමුදාවක් ඉල්ලයි.. ලංකාවේ ආණ්ඩුවක් නැති නිසා ද‍්‍රවිඩයන් සමූල ඝාතනයක් වෙයිලු..

December 10, 2018 at 1:20 pm | lanka C news
උතුරට UN සාම හමුදාවක් ඉල්ලයි.. ලංකාවේ ආණ්ඩුවක් නැති නිසා ද‍්‍රවිඩයන් සමූල ඝාතනයක් වෙයිලු..

ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනයට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිරට යවන ලෙස කොටි ඩයස්පෝරාව සහ එන්. ජී. ඕ. සංවිධාන කිහිපයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස්ගෙන් ඉල්ලා ඇත.

ඇති වී තිබෙන අර්බුදය නිසා ශ‍්‍රී ලංකාව ලේ විලක් වන බවට සිංහල දේශපාලනඥයන් කිහිපදෙනකු ද පෙන්නුම් කර ඇතැයි ඔවුන් සඳහන් කර තිබේ.

මෙම ආර්. 2. පී. ප‍්‍රඥප්තිය යටතේ රටක කලබලකාරී වාතාවරණයක් ඇතිවුවොත් ඊට මැදිහත් විය හැකිය.

මේ ඉල්ලීමට සමගාමීව බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය සහ කොටි හිතවාදී බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු කණ්ඩායමක් විදේශ ලේකම් මාර්ක් පිල්මි හමු වී ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව බර පතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා ඇති බවත් හිටපු කොටි ක‍්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් පෙන්නුම් කර වහාම ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි ඉල්ලා ඇත.

වව්නතිව් ඝාතනය ගැන හිටපු කොටි 20 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ද මොවුන් දක්වා ඇත්තේ ද්‍රවිඩයන්ව මර්දනය කිරීමක් ලෙසිනි.

වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා ද ආර්. 2. පී. ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි කොළඹ වාර්ගික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධානි රාජා මානි රජය පිටුවහල් කර තිබුණි.

– divaina

24,288 Viewers

14 Comments to “උතුරට UN සාම හමුදාවක් ඉල්ලයි.. ලංකාවේ ආණ්ඩුවක් නැති නිසා ද‍්‍රවිඩයන් සමූල ඝාතනයක් වෙයිලු..”

  1. නිහාල් says:

    දැන් පැහැදිලියි මේල් නර්ස්/ ගොන්ජා / තෙවරක්පෙරුම /රනිල් මොකාටද සේවය කරන්නේ කියා.මේවා ඔක්කොම සැලසුම් සහගතව සිදුවන දේවල් මේල් නර්ස් හිරේ යන්න වේවි කියල දැන දැනත් ජනපති ගාතන තර්ජන කරන්නේ මේක තමයි .මුන් ඔක්කොටම එන්ජිඕ සහ බටහිර සල්ලි ලැබෙනවා .unp කියන්නේ මොනතරම් රටට විරුද්ද පක්ෂයක්ද කියල දැන් බොහොම පැහැදිලියි .වියන්ගොඩලා මේල් නර්ස්ලා විජේසුරියලා එන්ජිඕ සල්ලි වලට රටට කරන විනාශයට මුන් අනිවාර්යෙන්ම හිරේ දාන්න ඕනා

    • දිමියා 🐜 says:

      ආණ්ඩුව නැති උනාම ඔච්චර බයනං
      තොපි චූ ඇම්පියට එකතු වෙලා ආණ්ඩුව නැති කලේ අහවල් එකටද ?

  2. කාදිනල් උතුමා says:

    ආප්පයගෙ පිස්සුව නිසා එහෙම වෙන්නත් බැරි නෑ.

    • Alapaluwa says:

      උඹලා ඔක්කොම අත්මර්තකාමින් බං සිරිපලයාට එසේ නොකොට නැතිව රනිල්ටදි රනිල් රට විකුණන් කනකම් බලන් ඉන්නද කියන්නේ.ඇයි උඹලට සහොදර සහෝදරයින්,එසේත් නැතිනම් අම්මා තාත්තාවත් නැද්ද උඹලගේ කියලා මේ මහාපොළවේ නිදහසේ පයගසා සිටින්න ? අපේ රට විකුණන් කෑවාට පස්සේ අපිට කොන්ද දෙකට නවන් ඉන්නද කියන්නේ පරගැත්තන්ට එකද හරි උඹලගේ ඔය නගන හඬට පිළිතුර? එකද උඹලාට ඇත්තටම කරගන්න ඕනේ රනිල් හරි කියා. එදා මහින්ද මැතිතුමා යුද්දයෙන් රට බෙරානොගත්තානම් අද මේ උල්මන්ට රටක් තිබෙනවද මේ විදියට හරි පාට් දමන්න?පොඩ්ඩක් මොළේ පාවිච්චි කර බලපල්ලා නිකම් කටට වචන එන පමණින් ,සිතට හදහස් එන පමණින් මෙතැන ලියා නුවණ නැත්තාවෙක්සේ සමස්ථ ජනතාවටම නොපෙන්නා!

      • ගිගිරි says:

        සල්ලි වලට අම්ම අප්පත් විකුණන්න ලෑස්ති අයට රට ජාතිය ගැන හැඟීමක් නෑ ආලපාලු.ඒකනෙ තමන්ගෙ අනාගතය ගැනවත් නොසිතා මොවුන් දොන්ජුවන්ලට කඩේ යන්නෙ.

      • Pankaja says:

        Alapaluwa අපරාදෙ නිකන් යුනිකෝඩ් නාස්ති කරන්න එපා බං මුං වගේ උන්ට ඔවා පැහැදිලි කරලා දෙන්න ගිහිල්ලා .. ටොයියොන්ට කොහොමත් ඕනෙ රටම විකුණං කන එක තමා..

      • SALMAL says:

        Great comment , Alapaluwa Thank you…Patriotism is supporting your country all the time,Patriotism is when love of your own people comes first; nationalism, when hate for people other than your own comes first.

  3. හොරගොල්ලේ අප්පුහාමිගේ මුණුපුරා says:

    කාදිනල් තුමාගේ නම දාගෙන උඹ පිස්සු නටල එතුමාට අවමන් කරන්න එපා .
    උඹල එදා කිව්වේ කොහොමද අපි ආප්පය කියනකොට. ඕක තමා දිට්ඨ ධම්ම වේදනීය කර්මය… ඉවසන් හිටින්..

    මේ රටේ ආණ්ඩුවක් නෑ කියන්නේ කවුද. යකෝ විධායක බලය තියෙන සේනාධිනායක ජනපති තමා එදත් මානුෂිය මෙහෙයුමක් කරලා රට ලෝකයේ වූ දරුනුම තරස්තවාදයෙන් බේරා ගත්තේ. ඕනනම් වරෙව් අයෙත් යුද්ධයකට අපි පෙන්නන්නම් හෙළයාගේ බලය.

  4. කළ දුටු කල වල ඉසීම says:

    කළ දුටු කල වල ඉසීම

  5. Kandy says:

    ජන වරමක් ගෙන ශ්‍රී ලංකාව ණය ගෙවීම ණවතා දැමිය යුතුය.
    ජනතාවගේ පැත්තෙන් ගත් කල ඔවුන්ට මෙය විශාල සහනයකි….ඇත්තම කාරණය නම් මේ ණය බොහෝමයක් පිලිගත් ජාත්‍යන්තර සම්මුති මග හැර දී ඇති ඒවා නිසා ඒවා “නීති විරෝධි ගනුදෙනු” ගණයට වැටීමයි… මේ ණය ගෙවනවාද නැද්ද කියා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් කාලෝචිතය.

    • උකුස්සා says:

      UNP හොර රැළට ගත් ණය වහාම ගෙවාදමන ලෙස අධිකරණ නියෝගයක් පැනවිය යුතුයි ..ඔවුන්ගේ දේපල සියල්ල විකුණා රටේ ණය ගෙවීමට කටයුතු කල යුතුයි

  6. Dayani says:

    Bloody lies by Tamil racist politicians trying to take advantage of the current political situation in this country.!!! These bloody racist Tamil have forgotten that it’s not even a week that a blood thirsty, rehabilitated LTTE terrorist massacred two innocent Policemen.!!!
    Stop lying, it’s you people destroying our Buddhist heritages, archives in the Northern and Eastern Province, descriminating the few Sinhalese living in these two provinces.!!!
    Not a single Tamil has been killed by any Sinhalese, though the racists are doing dirty things and trying to show the UN Chief, that they are ANGLES but vice versa.!!!

  7. කැප්පෙටිපොල දිසාවේ says:

    ජාතික සාම්ප්‍රදායික සාරධර්ම විකුනං
    කන සහ එහි පිරිහීමට දායක වන, පර
    සුදු රූකඩ වල මඩ සොදා ඔටුනු
    පළන්දන ඔබ සැමට, මාගෙ හදපිරි කලකිරීම මෙයින් මා ප්‍රකාශ කරමී.

Main News