උතුරුමද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා විසුරුවයි.. මැතිවරණ නොතියයි. පේෂල ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

July 22, 2017 at 10:00 am | lanka C news
උතුරුමද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා විසුරුවයි.. මැතිවරණ නොතියයි. පේෂල ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

සැප්තැම්බරයේදී නිල කාලය අවසන් වන පළාත් සභා විසුරුවා හැර ඒවායේ මැතිවරණ නොපවත්වා හැකි තාක් කාලයක් සිටීමට ඉහල පෙලේ සාකච්චාවකදී තීරණය වී තිබේ.

කාන්තා නියෝජනය 30%ක් කිරීමට වූ පනතට අනුමැතිය ලැබුණු පසු ඒ ඒ දිස්ත‍්‍රික්කයන් සදහා නාම යෝජනා දිය යුතු කාන්තා නියෝජනය කොතෙක්දැයි ගැසට් නොකර කාලය ගත කිරීම මෙම උපක‍්‍රමය වී ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් යම් පමණකට දැනුවත්ව සිටින උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැති ඇමතිවරුන් ඊට දැඩි ලෙස විරෝධය පල කරන බවද වාර්තා වන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ පළාත් සභා විසුරුවන්නේ නම් හැකි ඉක්මනින් මැතිවණය පවත්වන ලෙසයි.

මේ අතර උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒම සදහාට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

76 views
Main News