උතුරුමැද, මධ්‍යම, දකුණ පළාත් සභා තුනක බලය ඒකාබද්ධයට කැරකෙයි..

May 13, 2017 at 10:40 am | lanka C news
උතුරුමැද, මධ්‍යම, දකුණ පළාත් සභා තුනක බලය ඒකාබද්ධයට කැරකෙයි..

ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන ඇමැතිවරුන් ඉවත් කිරීමත් සමඟ උතුරු මැද සහ මධ්‍යම පළාත් සභාවල ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන මන්ත්‍රිවරුන් පළාත් සභාවල ස්වාධීන වීමට දැනටමත් තීරණය කොට ඇති බව වාර්තා වේ.

දකුණු පළාත් සභාවේ වීරසුමන වීරසිංහ ඇමැතිවරයා එම තනතුරින් ඉවත් කළොත් ඊට විරෝධය පළ කොට එම මන්ත්‍රිවරුන් ස්වාධීන වීම සඳහා දැනටමත් සාකච්ඡා කොට ඇති බව දැනගන්නට ඇත.

මේ පළාත් සභා තුනේ සිටින ඇමැතිවරුන්ගෙන් වැඩි දෙනකු මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීමද විශේෂත්වයකි.

මේ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම අනුව හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා, නීති විශාරදයකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් නීති උපදෙස් ලබා දෙමින් ඇති බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග අනාවරණය කෙළේය.

– මව්බිම

130 views
Main News