උතුරුමැද රැල්ල සබරගමුවත් කලඹයි.. සන්ධානයේ 17ක් මහින්දටයි.. නොසිතන පෙරලිය ළග එයි..

May 11, 2017 at 3:50 pm | lanka C news
උතුරුමැද රැල්ල සබරගමුවත් කලඹයි.. සන්ධානයේ 17ක් මහින්දටයි.. නොසිතන පෙරලිය ළග එයි..

සබරගමුව පළාත් සභාව නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රීන් 17 දෙනෙකු ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය විසින් බිහි කරනු ලබන පෙරමුණකින් තරග කිරීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මිට අමතරව තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග‍්‍රසයේ මන්ත‍්‍රින් දෙදෙනාද එම පිරිස සමග එක්ව කටයුතු කරයි. පළාත් සභාවේ සම්පුර්ණ ආසන ගණන සන්ධානයට 29ක් හා එජාපයට 14ක්, තොණ්ඩමන්ට 02ක් ලෙස සංයුතිය වෙයි.

පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් 24 වන දින අවන් වන අතර ඊට පෙර ඕනෑම දිනකදී නොසිතන පෙරලියක් විය හැකි යයිද ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියේය.

128 views
Main News