උතුරු ආණ්ඩුකාර සුරේෂ් රාඝවන්ට කොකේන් මත්ද‍්‍රව්‍ය චෝදනා..

February 27, 2019 at 10:00 am | lanka C news
උතුරු ආණ්ඩුකාර සුරේෂ් රාඝවන්ට කොකේන් මත්ද‍්‍රව්‍ය චෝදනා..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ජනාධිපති

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඔ. 01

ජනාධිපතිතුමනි,

උතුරේ ආණ්ඩුකාරවරයා සම්බන්ධව.

උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස ඔබ විසින් පත් කල සුරේන් රාඝවන් නැමැත්තා මේ වන විට දැඩි ජාතිවාදී ස්වරෑපයකින් කටයුතු කරමින් රජය විසින් ඉදිරියට ගෙන යනු ලබන සංහිදියාවට දැඩි ලෙස බාධා කරමින් සිටීම පිළිබදව ඔබ තුමාගේ අවධානය යොමු කරන්නේ කාරුණිකවය.

සුරේන් රාඝුවාන් යන අය ඔබතුමා විසින් හදුනාගනු ලබන්නේ ඔබගේ හිතවතෙකු මාර්ගයෙන් වුවද අප විසින් ඔහුව හදුනාගෙන බොහෝ කල්ය. කොළඔ රාත්‍රී  සමාජ ශාලා වල හා විවිධ ස්ථානවල මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඔහු ගත කල ජීවිතය පිළිබදව නිවරදිව සොයා බැලීම ඔබගේ බුද්ධි අංශවලට භාර කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි.

පොලීසියට පොලිස් කොස්තාපල්වරයෙක් බදවා ගන්නා විට පවා බුද්ධි වාර්තා කැදවන රටක ඔබතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස හා උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පුද්ගලයෙකු පත්කරන විට නිසි සොයා බැලීමක් නොකිරීම විශාල අඩු පාඩුවක් ලෙස අප සංවිධානය දකී.තවත් බාබුලා බිහිකිරීම අපගේ මෙන්ම ඔබගේද අපේක්ෂාව නොවන බව අප දනිමු.

කෙසේ වෙතත් අප සංවිධානයේ උපදේශකයෙකු ලෙස ඔහු කළක් සේවය කල අතර ඔහුගේ අනිසි හැසිරීම හා දැඩි ජාතීවාදි ස්වරෑපය නිසා ඔහුව ඉන් ඉවත් කිරීමට අපට සිදුවිය. අප සංවිධානය විසින් ඉවත් කල පුද්ගලයෙකු ඔබ විසින් උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට තරම් ඔබතුමා දේශපාලනය වශයෙන් බංකොලොත් වී නොමැති බව අපගේ විශ්වාසයයි.

උතුරේ බුදු පිළිම ඉවත් කිරීමට උත්සහ කිරීම  වැනි සංවේදී කටයුතු සිදු කිරීමට ඔහු ගන්නා ලද උත්සහය ව්‍යාප්ත කිරීමට හා ඒ පිළිබදව සමාජයේ අවධානය වෙනතකට යොමු කිරීමට මෙරට මාධ්‍යවේදීන් කටයුතු නොකරානම් නැවතත් උතුර ගිණි ගැනීමට ඉඩ තිබුණි.

අප සංවිධානය ඔබතුමා ගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස ඔබතුමා  විසින් පත්කල සුරේන් රඝුවාන් ඉතා ඉක්මනින් එම තනතුරෙන් ඉවත් කරන ලෙස හා ඔහුගේ හැසිරීම අනුව අප විසින් සැක කරන බැවින් ඔහු කොකේන් හෝ වෙනත් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙකුද යන්න සොයා බැලීම සදහා රුධිර පරීක්ෂණයක් සිදු කිරීමට ඔහුට උපදෙස් දෙන ලෙසයි.

ස්තුතිය්
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

25,453 Viewers

5 Comments to “උතුරු ආණ්ඩුකාර සුරේෂ් රාඝවන්ට කොකේන් මත්ද‍්‍රව්‍ය චෝදනා..”

  1. Memopad says:

    The allegation is serious and his credentials are given. Is this a another stupid act of our Chief executive of the country

  2. AK47 says:

    කොකේන් ගැහුවද කියල හරියටම රුධිර පරීක්ෂණයකින් හොයන්න පුළුවන් ගහලා දින 3ක් ඇතුලත පමණයි. තමන්ටම කොකේන් පරීක්ෂාවක් කර ගන්න කියන එක ගොන්ජා නිෂ්පාදනය කල විහිළු කතාවක්.

  3. saman says:

    මත් උවදුරවත් මේ ආන් ඩුව ඉවර කරොත් යුද්දෙ දිනාලා දුන්නාවගේ තමා………..

  4. Dayani says:

    Not only this one, wiggy, Sumathiran, and most of the Northern politicians, Tamil and Muslim officers all are behind chasing the Sinhalese away, destroying our historic places etc.!!!! This kind of racist action should be stopped immediately.!!
    The most ungrateful race in the whole world, as after the army saved them from floods, these racist minority has signed a petition of to be taken to the UN.!!!
    Why can’t they return to their roots, without bothering us, as we don’t want another war, and want to live in peace.

    • Sun says:

      All these problems caused by foreign elements acting as friends and do all sorts of underhand work round the world. Even community problems are created by them and we cant trace the roots. That is the system and they think they are the winners. What is this life we have money or not we are unhappy. unless we understand the roots of cause we cannot solve the problem.

Main News