උතුරු කොරියාවට විරුද්ද වී නොනවතී.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ටත් එරෙහිව ශ‍්‍රි ලංකාවෙන් නිවේදනයක්..

December 10, 2017 at 1:20 pm | lanka C news
උතුරු කොරියාවට විරුද්ද වී නොනවතී.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ටත් එරෙහිව ශ‍්‍රි ලංකාවෙන් නිවේදනයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රලයේ අගනගරය ලෙස පේරුසෙලම නම් කිරීම ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය තරයේ හෙළා දකියි.

එම සංගමයේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

එම නිවේදනයේ සිංහල පරිවර්තනය මෙසේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රාලයේ අගනගරය ලෙස පේරුසෙලම නම් කිරීම තරයේ හෙළා දකියි. තෙල් අවිව් (Tel Aviv) වල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පේරුසෙලමට රැගෙනයාමට තීරණය කිරීම ද හෙළා දකියි.

පේරුසෙලම පලස්තීන දේශ සීමාවට අයත් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනා මෙම තීරණය තුලින් සම්පුර්ණයෙන්ම උල්ලංඝණය කරයි.

සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස ආදරය කරන මිනිසුන් මෙම තීරණය හෙළා දකින බව ද අප සංගමය දන්නෙමු.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පවතින ස්ථාවරය බිද දමමින් ඒකපාර්ශ්වීය සහ හිතුවක්කාරී ලෙස ගනු ලැබූ තීරණයකි.

මෙම තීරණය තුලින් සමස්ත මැද පෙරදිග කළාපයට ගැටලුකාරී තත්ත්වයක් මතු කරයි.

පලස්තීනය නිදහස් රාජ්‍යයක් ලෙසත්, පේරුසෙලම එහි අගනගරය ලෙස කළින් සිටි ස්ථාවරත්වයේ තවමත් සංගමය සිටින අතර, රටවල් 140 කට අධික සංඛ්‍යාවක මතය ද මෙය වෙයි. සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ලොව පුරා ජනතාවගේ මතය ද එයයි.

ශ්‍රී ලංකාවේ සිටින සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති ජනතාව පලස්තීන ජනතාව වෙනුවෙන් හඩ නගන්න. හඩ අවදි කරන්න.

– ප‍්‍රසන්න අධිකාරී

157 views

11 Comments to “උතුරු කොරියාවට විරුද්ද වී නොනවතී.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ටත් එරෙහිව ශ‍්‍රි ලංකාවෙන් නිවේදනයක්..”

  1. Saradiel says:

    කොටින් සමග කල යුද්දයේදී පලස්තීනය ලංකාවට සහාය දුන්නේ නැත ඇමෙරිකාවෙන් විසාල සහයක් ලැබුනා ඇමෙරිකාවට ජයවේවා

Main News