උතුරු දකුණ සංහිඳියාවට පාසලෙන් පාඩමක්…

November 17, 2017 at 2:32 am | lanka C news
උතුරු දකුණ සංහිඳියාවට පාසලෙන් පාඩමක්…

ජාතික සංහිඳියාව පිළිබඳ කරගෙන යන වැඩසටහන් පෙළ යටතේ පාසල් ළමුන් අතර සංහිඳියාව සහ සහෝදරත්වය වර්ධනය කිරීමට උතුරු පළාත සහ උතුරු මැද පළාත නියෝජනය කරමින් අනුරාධපුර තඹුත්තේගම සුභූති මහා විද්‍යාලය හා මුලතිව් කෝකිලායි මහ විද්‍යාලයන්හි දරු දැරියන්ගේ අතර සුහද හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේගේ ප‍්‍රධානත්වයෙන් මු/කෝකිලායි දමිළ මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්වින.

මීට පෙරද මෙවැනි සහෝදරත්වය වර්ධනය වන වැඩසටහනක් මෙම පාසල් දෙක අතර පවත්වා ඇති අතර එහි දෙවන පියවර ලෙස මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් රුක් රෝපණ වැඩසටහනක්ද ආරම්භ කල අතර එම අවස්ථාවේදී පාසල් දෙක නියෝජනය කරමින් පැමිණි දරුදැරියන්ගේ දෙමාපියන්ද අත්පොළසන් දී ඔවුන්ගේ සතුට සහ කැමැත්ත ප‍්‍රකාශ කළහ.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් ජේ.එම් සෝමසිරි මහතා, මුලතිව් ප‍්‍රදේශයභාර සහකාර පොලිස් අධිකාරි, දේශපාලන නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

– වජිර කොඩිතුවක්ක

62 views
Main News