උතුරු දුම්රියේ ගැටී තවත් ගව රංචුවක් මියයයි..

July 10, 2019 at 2:06 am | lanka C news
උතුරු දුම්රියේ ගැටී තවත් ගව රංචුවක් මියයයි..

කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියට වව්නියාව තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී ගව රංචුවක් වැදීම හේතුවෙන් ගවයින් 04 දෙනෙකු මිය ගොස් ඇත.

තාණ්ඩිකුලම් දුම්රිය ස්ථානයට ආසන්නයේ ගව රංචුව මෙසේ දුම්රියේ ගැටී ඇති අතර දුම්රියේ ගැටීම හේතුවෙන් තවත් ගවයින් තුවාල ලබා ඇති අතර ගවයින් දුම්රියේ වැදී හිර වීම නිසාවෙන් දුම්රිය පැයක පමණ කාලයක් නවත්වා හිරවී සිටි ගවයින් ඉවතට ගැනීමෙන් පසුව නැවත ධාවනය කරන ලදි.

මීට පෙර පසුගිය 02 වනදාද මෙම ස්ථානයේදීම ගව රංචුවක් දුම්රියේ වැදීම හේතුවෙන් ගවයින් 11 දෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු පමණ බරපතල තුවාල ලැබීය.

මිය ගිය ගවයින් අයිතිකරුවන් විසින් රැගෙන ගොස් මිහිදන් කිරීම සිදු කල අතර පසුගිය දින වලද උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක දුම්රියට ගවයින් වැදීම හේතුවෙන් ගවයින් සැලකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් හා තුවාල ලබා ඇති බැවින් අදාල ස්ථානයන්හි දුම්රිය ධාවනය කරන විට සෙමෙන් ධාවනය කරන්නේ නම් අනතුරු වලක්වා ගත හැකි බවට  ප්‍රදේශවාසීන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,700 Viewers

2 Comments to “උතුරු දුම්රියේ ගැටී තවත් ගව රංචුවක් මියයයි..”

  1. විස්කි මැඩම් says:

    දුම්රියේ නලාවේ සද්දය සින්හයෙක්ගේ කෑගැහීමකට සමාන කරලා ඔය පැත්තෙන් යනකොට ගහගෙන ගියානම් හරි. හරක් බයේ පැනලා යනවා.

  2. තම්බි says:

    සිංහලයෙක්ගේ වගේ නෙවෙයි … හරක් මරණ තම්බිගේ සද්දේ දම්මන් හරි

Main News