උතුරු දුම්රිය යාපනයේදී ගිනි ගනී.. මගීන් පැන දුවයි..[Photo]

January 15, 2018 at 6:48 pm | lanka C news
උතුරු දුම්රිය යාපනයේදී ගිනි ගනී.. මගීන් පැන දුවයි..[Photo]

කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම්රියක එන්ජිමක් අද (15) දහවල් 12.30 ට පමණ යාපනය චාවකච්චෙරි ප්‍රදේශයේදී හදිසියේම ගින්නක් හටගෙන ඇති අතර එයින් මගීන්ට හානියක් සිදු නොවූ බවට යාපනය දුම්රිය ස්ථානය දැනුම් දුන්නෙය.

ගින්නත් සමගම දුම්රිය එම අව්සථාවේදීම නවතා ඇති අතර ගින්නේන් බියට පත් මගීන් දුම්රියෙන් සිය ගමන් මලුද රැගෙන බැස ඇති අතර පසුව දුම්රිය රියදුරු හා සහයකයා විසින් යාපනය ගිනි නිවීමේ ඒකකයට දැනුම් දී ඇත.

දුම්රිය එන්ජිමේ ගින්න හට ගත් අවස්ථාවේදී යාපනය බලා ගමන්ගත් සාමාන්‍ය වැසියන්ට අමතරව විදේශිකයින් රැසක්ද දුම්රිය තුල සිට ඇති අතර ඔවුන්ටද කිසිදු හානියක් සිදු වී නොමැත.

දුම්රියේ රියදුරු හා සහායකයා වහාම දුම්රිය ආරක්ෂිත ස්ථානයක නවත්වා සිද්දිය පිළිබඳව දැණුම් දීමෙන් පසු ගිණි නිවන රථ හා ප්‍රදේශවාසීන් පැමිණ ගින්න මැඩ පවත්වා  තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ දුම්රිය එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයකින් බවට විශ්වාස කෙරෙන අතර ගින්න නිවා දැමීමෙන් පසුව පැය එකහමාරක පමණ කාලයක් ප්‍රමාද වී දුම්රිය නැවත  යාපනය බලා ගමන් කොට තිබෙන අතරම යාපනය දුම්රිය ස්ථාන බලධාරීන් විසින් ගින්න ඇතිවීමට හේතුව සෙවීම සඳහා පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30 views

One Comment to “උතුරු දුම්රිය යාපනයේදී ගිනි ගනී.. මගීන් පැන දුවයි..[Photo]”

  1. Jonaa'S Brother says:

    ඒකත් මහින්ද මහත්තයගෙ ගිනුමටද හිටන්!

Main News