උතුරු නැගෙනහිරට බලය බෙදා හරිනු.. ආණ්ඩුකාර බලතල අඩු කරනු..- TNA

September 2, 2018 at 1:20 pm | lanka C news
උතුරු නැගෙනහිරට බලය බෙදා හරිනු.. ආණ්ඩුකාර බලතල අඩු කරනු..- TNA

දෙමළ ජාතික සන්ධානය බලයට පත් වූ පසු දෙමළ ජනතාව වෙනුවෙන් සිදු කල මෙහෙය , නායකත්වය පරාජය වෙලා තියනවා කියනවානම් ඒක අමූලික බොරුවක් බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනයේ මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහදී සුමන්තිරන් මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ

‘උතුරේ අත්පත් කරගත් ඉඩම් නැවත ජනතාවට ලබාදීමට ප්‍රධානතම හේතුව වූවේ මේ දේශපාලන වෙනස්කම නිසයි මෙකෙන් කිසිම දෙයක් වෙලා නැහැ කියන එක පිළිගන්න බැහැ දෙමළ ජාතික සන්දානය දේශපාලන වෙනසක් කරන්න උදව් වුනා එකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබිල නැහැ කියල කියනවනම් ඒක අමූලික බොරුවක් එය ජනතාව හොඳින් දන්නවා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට සම්පූරණයෙන්ම විසඳුමක් ලැබුනා කියල අපි කියන්නේ නැහැ මේ ලගදිත් ආර්.සම්පන්දන් විපක්ෂ නායකතුමන් විසින් ජනාධිපතිතුමන් හමුවෙලා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරල තිබුනා ඒ නිසා කිසිම දෙයක් වුනේ නැහැ කියන එක අමූලික බොරුවක් කියා කියන්න මම පසුබට වෙන්නෙ නැහැ.

“නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මම ගාල්ලේදී පැවැත්වු කථාවේදී අපිට ෆෙඩරල් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට මා කියු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි.

නව ව්‍යවස්ථාව ඇති කිරීමට අපගේ පිවිසුම මතභේදයට තුඩුදෙන වචන භාවිතයෙන්  වැලකි සිටිමයි. අතුරු වාර්තාවේ බොහෝම පැහැදිලිව ඒ බව කියලා තිබෙනවා.

උතුරු නැගෙනහිර රාජ්‍යය බලය හරි විදිහට බෙදාහරින්න ඕන ජනතාවගෙන් තේරීපත්වන කෙනාගේ අතට එය ලබාදිය යුතුයි, නමුත් එය දිය යුත්තේ ආණ්ඩුකාරවරයාට නොවෙයි.” යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

77 views

7 Comments to “උතුරු නැගෙනහිරට බලය බෙදා හරිනු.. ආණ්ඩුකාර බලතල අඩු කරනු..- TNA”

  1. LION says:

    ෆෙඩරල් යක් පැටියා ඉපදීමට පෙර කළලය ගබ්සා කළ යුතුයි

  2. sakalabujan says:

    මුලතිවු ප‍්‍රහාරයට කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ.. දේශපාලන බලපෑම්.. උද්ඝෝෂණයට මූලික්තවය දෙමල සන්ධානයෙන්..

  3. CORBRA says:

    Shut your tiger mouth and get lost LTTE terrorist supporter ..This is SINHALESE MOTHERLAND
    There is NO Tamil Nation here .ONLY Sinhalese Nation ..Ask part of South India

  4. Saradiel says:

    සුමන්තිරන් මේ සිංහල මව් බිම ..ඔබ කවුද මේ රටේ පාලනය ගැන කථා කරන්න .. සමගියෙන් ජිවත් වෙයන් බැරි නම් ආපු රටට( තමිල් නඩුවට පලයන් ….
    වහාම මේ ජාතිවාදී දෙමළ ජාතිකයා සුමන්තිරන් අත්අඩංගුවට ගත යුතුයි ….
    TNA ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කරණු

  5. sunimal says:

    BAN TNA TERRORIST PARTY SOON AS POSSIBLE
    Arrest this racist terrorist Tamil man & send him to jail

  6. NAK says:

    What he says is, they want federal but without calling it federal. He must be taking the Singhalese for donykeys!!!

  7. Wikramabahuge Wije Dias says:

    Sri Lanka Eelam Aanduwak kara perata !

Main News