උතුරු නැගෙනහිර වලදමන ලද බිම්බෝම්බ භූමියේ ඉතිරිව ඇත්තේ වර්ග කිලෝ මීටර් 18 පමණයි..

October 1, 2019 at 5:30 pm | lanka C news
උතුරු නැගෙනහිර වලදමන ලද බිම්බෝම්බ භූමියේ ඉතිරිව ඇත්තේ වර්ග කිලෝ මීටර්  18 පමණයි..

යුද සමයේදී වලදමන ලද බිම්බෝම්බ භූමියේ වර්ග කි.මී.1,302 සිට බිම්බෝම්බ ඉවත් කරමින් උතුරු නැගෙනහිර තවත් ඉතිරිව ඇත්තේ වර්ග කි.මී.18ක් පමණක් බවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්යංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.

2020 වර්ෂය වන විට ශ්‍රීලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීමට වැඩි අවස්ථාවක හිමිවන අතරම ශ්‍රීලංකාවේ බිම්බෝම්බ නිෂ්කාශන වැඩසටහන ගෝලීය වශයෙන් සාර්ථකභාවයට පත්කර ගැනීම සදහා ජාතික ප්රිතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය වරයා ලෙස අග්‍රාමාත්ය  රනිල් වික්රුමසිංහ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට අමාත්යාංෂශයට හැකි වී තිබේන බවද ඒ මහතා මාධ්‍ය නිවේදනයක් මගින් පැවසීය.

එමෙන්ම යුද සමයේදී බිම්බෝම්බ වලට වින්දිතයන් සඳහා සහනාධාර වැඩසටහනට මූලික සංරචක හයක් (06) ඇතුළත් කිරීමටද එම අමාත්‍යංශය මගින් පියවර ගෙන ඇති අතර එහිදී හදිසි ප්‍රතිකාර සඳහා ශ්‍රීස ලංකාවේ භාවිතා වන ඇමතුම් ගිලන්රථ සේවාවෙන්ද සහන සැපයීමට පියවර ගෙන ඇති අතරම උතුරු නැගෙනහිර බිම්බෝම්බ වලින් තොර කලාපයන් වීමත් සමග මේ වන විට එම පලාත් සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටින බවටද අමාත්‍යංශ ලේකම් වී.සිවඥානසෝතී මහතා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

56 views

2 Comments to “උතුරු නැගෙනහිර වලදමන ලද බිම්බෝම්බ භූමියේ ඉතිරිව ඇත්තේ වර්ග කිලෝ මීටර් 18 පමණයි..”

  1. sinha le says:

    මේ වර්ග කි.මී.18 ප්‍රදේසවල තාවකාලිකව TNA සියලුදෙනාම පදිංචි කරවමු

  2. Bandq says:

    2015 ඉදන් බිම් බෝම්බ ඉවත් කල හමුදාවෙ හමුදාපති කවුද ?

Main News