උතුරු නැගෙනහිර විහාරස්ථන ගැන සැලකිල්ලක් නොදැක්වීමට පුරාවිද්‍යාව අගමැති රනිල්ට ලිඛිතව පොරොන්දු වෙලා

July 5, 2019 at 6:22 am | lanka C news
උතුරු නැගෙනහිර විහාරස්ථන ගැන සැලකිල්ලක් නොදැක්වීමට පුරාවිද්‍යාව අගමැති රනිල්ට ලිඛිතව පොරොන්දු වෙලා

උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වෙහෙර විහාරස්ථාන සදහා කිසිදු සැලකිල්ලක් නොදක්වන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව පොරොන්දු වී තිබෙන බව හෙළ ජන බලය සංවිධානයේ කැදවුම්කරු නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සදහන් කළේය.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම නොකරන ලෙසට පොලිසිය මගින් බලපෑම් එල්ල කිරීම පිළිබදව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බැල්ලන්තුඩාව මහතා මෙම අදහස් පළකළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..

කොළඹ ඉදල රටේ එ්කීය භාවය ගැන බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතුබවට කෑගසන කිසිදු පුද්ගලයෙක් නයාරු විහාරස්ථනය පිළිබදව පැත්තවත් හැරිලා බලලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය බුද්ධ ශාසනය  කියන කාරණයට සංඝරත්නය /බෞද්ධ වෙහෙර විහාර /වත් පිලිවෙත් සියල්ල අයිතියි. වස් ආරාධනාව කියන්නේ බෞද්ධ සම්ප්‍රදායේ වැදගත් අංගයක්. ඒ සම්ප්‍රධායන් වගේම බෞද්ධ උරුමයන්ට හානිවන ලෙසට නීති පනවන්න සීමා පනවන්න පොලිසියට බැහැ.

මාධ්‍ය මගින් වාර්තා වනවා මුලතිව් පොලිස් අධිකාරීවරයා මේ වස් පිංකම් මාලාව කරන්න දෙන්නෙ නැහැ කියල . ඔහු කියා තිබෙනවා එහෙම උනොත් මහාධිකරණයේ තීන්දුව දරුණු වෙයි කියල. අධිකරණයේ තීන්දුව ගැන අනාවැකි කියන්න උන්නැහෙට තියෙන බලය මොකක්ද . ඒවාගේම ඔහු මේ සිද්ධිය වාර්තා කරල තියෙන මාධ්‍යවේදියාට උසාවි ගෙනියනව කියල තර්ජනය කරල තියෙනවා.

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය රකින්න බුද්ධ ශාසන අමාතයාංශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසිය කටයුතු කරන්නේ නැත්නම් අපි ඒ වෙනුවෙන් සිංහල බෞද්ධයන් පෙලගස්වන බව සදහන් කලේය.

එමෙන්ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදියු යුතු බවට ලියවිලා තිබුණ පමණට බෞද්ධ උරුමය රැකෙන්නේ නැහැ. ඒ සදහා මහ පොලවේ අපේ උරුමට ආරක්ෂා කරගත යුතුයි.

බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වියයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය අද නිහඩයි. පුරාවිද්‍යා කොමසාරිස්තුමා උතුරු නැගෙනහිර පුරාවිද්‍යා නඩුවක් සදහා උසාවිට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නෙ මරන්න ගෙනියන හරකෙක් වගේ.

අපි ජනාධිපතිතුමාට කියනවා මේ එතුමාගේ අවසාන කාලය යන තැනකට වැඩක් කරගන්න හරි මෙම ගැටලුවට මැදිහත් වෙලා අපේ උරුමය රැකගන්න ඉදිරිපත් වෙන්න කියල. ඒ වගේම විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයටත් කියනවා හැංගිහොරා ගේම් ගහන්නේ නැතිව මේ අපේ උරුමය රැකගැනීමට වැඩපිළිවෙලක් ප්‍රකාශ කරන ලෙසට. යනුවෙන්ද බැල්ලන්තුඩාව මහතා තවදුරටත් අදහස් දක්වන ලදී

මෙම මාධ්‍ය හමුව සදහා නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරධිපති කොළඹ සද්ධර්මකිත්ති ස්වාමීන්වහන්සේ ගුරුකන්ද රජමහා විහාරයේ දායක සභාවේ ලේකම් බන්දුල ලියනගේ / නීතීඥ රෝහණ තල්පාවිල හෙළ ජන බලය සංවිධානයේ මධ්‍යමණ්ඩල සභික මතුගම සෙනෙවිරුවන් යන මහත්වරු අදහස් දැක්වූහ.

– HJB MEDIA

32,169 Viewers

14 Comments to “උතුරු නැගෙනහිර විහාරස්ථන ගැන සැලකිල්ලක් නොදැක්වීමට පුරාවිද්‍යාව අගමැති රනිල්ට ලිඛිතව පොරොන්දු වෙලා”

  1. OBSERVER says:

    In what a unfortunate period the majority race lives to witness the incidents like racialist and religious fanatics destroy and candalize the places of religious and historic importance in the
    Northern and Eastern provinces? The rulers do not care a cent of their national obligation to safeguard them ,as guaranteed in the constitution,for the sake of minority votes.

    • විස්කි මැඩම් says:

      UNP එකට චන්ද දෙන ජනතාවට මේ පාපයෙන් කොටසක් සිද්ධ වෙනවා.
      මොකද මේ පන්සල් විනාශ කරන පුද්ගලයන්ට බලය දෙන්නේ ඔවුන් නිසා.

  2. OBSERVER says:

    In what a unfortunate period the majority race lives to witness the incidents like racialist and religious fanatics destroy and vandalize the places of religious and historic importance in the
    Northern and Eastern provinces? The rulers do not care a cent of their national obligation to safeguard them ,as guaranteed in the constitution,for the sake of minority votes.

  3. RATA WESIYO says:

    The majority race should be firm and make up their minds to vote only for the rulers ,,who firstly,promise to renovate those places of religious and historic importance ,which have been vandalized by racialists or religious fanatics,immediately once they come to power.
    We cannot expect justice guaranteed in the constitution from present rulers.

  4. සිංහල බන්ඩා says:

    ජනාධිපති සහ අගමැති දෙන්නම 10% මුස්ලිම් චන්ද බලාගෙන තරඟෙට බෞද්ධාගමට සිංහල සංස්කෘතියට වින කරන මුස්ලිමුන් සතුටු කරන වැඩ කරනවා. මෙදා පොටේ සිංහලයන් එක්වෙලා බව දෙන්නා දැනගන්න කොට පරක්කු වැඩිය්.

  5. sakalabujan says:

    Ranil ta Henama Gahapan

  6. SL says:

    මේ නාකි ගෙම්බා කනෙන් ඇදල එලියට දන්නා එජප යේ කොන්දක් තියෙන එකෙක් නැහැ නේ. මු ආවොත් කරන්නෙම දොන් ජුවන් type වැඩ ,බටලන්දෙන් පටන් ගත්තොත් සිංහලයින්ට කරලා තියෙන්නෙම චන්ද ටික අරගෙන චන්ද දුන්නු සිංහලයට පිහියෙන් අනින එක

  7. Buddhist says:

    Mehama giyoth, katharagama ganath katha kranna wenawa ne. Katharagam hindu agamika istahanyak, api Baudhayo balen aran inne.

    • Me3 says:

      අනේ මගේ මෝඩ පුතේ,
      නොදන්න දේට හොම්බ නොදා ඉන්න ඉගෙන ගනින්.
      කතරගම පූජනීය බෞද්ධ වන්දනා ස්ථානය ක් වූ. අයුරු මෙන්න:
      1. සම්බුදු පහසින් පූජනීයත්වයට පත්වූ කිරිවෙහෙර ඉදිකරණ ලද්දේ කතරගම යි.
      (සොළොස්මස්ථානයන්ගේ “කාචරගාම” යයි.)
      2. ගැමුණු රජතුමා පූජා පැවැත්වූ පුද බිමකි.
      3. මහසෙන් රජතුමා පූජා පැවැත්වූ. පුද බිමකි.
      4. හින්දු අාගම බිහිවීමට බොහෝ කලකට පෙර, එනම් බමුණු අාගම් පැවති කාලයන්හි ද කතරගම පුදබිම කි.

  8. sekara says:

    Ranil kiyannney pattta para ballek. ORka chanda lanwana kota apey haamuduru warunta PADURU parrrkudam deeela rawttagana chanda argana dinannna try eka . ANEY HAMUDURUWANEY OBA WAHNSEY LA BUDU WAE.OYA Ranil kiyana parayata hita ati arrrnduwak enna tanata wada salasssawana nam EPA. epaaaamme.

  9. prabath says:

    Me theenduwa apeal karanna baida wenath usawiyaka

  10. Sun says:

    These leaders have no brains to think what is happening and do not bother also. We can see the poverty and the struggling people from their facial expressions. The top leaders are holding the authority without letting other ministers to handle even simple issues. In that case all do not care and even the people are not in a caring mood.

  11. Love nature says:

    කෝට්ටේ දොන් ජුවන් කතෝලික ආගම වැළදගෙන කලෙත් මේදේම තමා

  12. nuwan says:

    JAATID DROOHI, DESAD DROOHI, PONIL ,, NRUMAYAA ME MULU RATAMA WINAASA KARANAWA,
    RAJIW GAANDHITA KELALA AERIYA WIJITHA MUNI WAGE RATATA JAATHIYATA AAGAMATA
    AADARAYA KARANA EKAMA SEBALEK WATH ,,PONILGE BODY GARD, TEEM EKE NEDDA..?

Main News