උතුරු පලාතේ පළමු වරට මෝටර් රථ ධාවන රැලියක්…
March 28, 2019 at 8:02 am | lanka C news
උතුරේ වැසියන්ට නව අත්දැකීමක් එක් කරමින් උතුරු පලාතේ පළමු වතාවට මෝටර් රථ ධාවන රැලියක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනයේදී සංවිධානය කොට තිබුණි.
යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී සහ වෙත්තලකේනී අතර මෙම මෝටර්රථ ධාවන රැලිය පැවති අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව මෙම මෝටර්රථ ධාවන රැලිය පැවත්වුණි.
ශ්‍රීලංකා මෝටර්රථ සංගමය, ශ්‍රීලංකා යුද හමුදා මෝටර්රථ සංගමය හා උතුරු පලාත් මෝටර්රථ සංගමය සහභාගීත්වයෙන් උතුරේ ජීවත්වන තරුණයින්ට නව අත්දැකීමක් එක් කිරීමේ අරමුණු ඇතිව මෙම රැලිය සංවිධානය කොට තිබූ අතර මේ සඳහා ලංකාවේ ප්‍රමුඛතම මෝඨර්රථ ධාවකයින් හා යතුරුපැදි ධාවකයින් සහභාගී වූහ.
මෝටර් රථ ධාවන රැලිය අවසන් උත්සවය පැවති අවස්ථාවේදී යාපනය කට්ටෙයිකාඩු ප්‍රදේශයේ අඩුආදායම්ලාබී පාසල් ළමුන් 150 දෙනෙකු වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ඇතුලු ත්‍යාග ප්රධානයක්ද සිදු කෙරුණි.
මෙම උත්සව අවස්ථාවට ශ්‍රීලංකා යුද හමුදා මෝටර්රථ සංගමයේ සභාපතිද වන යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා, 51, 52, 55 යන සේනාංකයන්හි සේනංකාධීපතිවරුන් , ශ්‍රීලංකා මෝටර් රථ සංගමයේ සභාපති ඉෂ්වාහන් අහමඩ් මහතා, උතුරු පලාත් මෝටර්රථ සංගමයේ සභාපති පරමේෂ් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූශ.
හපොයි ! ඊළඟට උතුරේ පරිසරය දුෂණය කර යුද අපරාදයක් කලා කියලාත් ,හමුදාවට හයිබ්‍රිඩ් කෙමනක් අටවයිද??????
Youth from north are completely cut off from the rest by war. This kind of sporting events help them to catch up. More of them actively participating in national sports is important. Major general Hettiarachchi’s idea is great.
උතුර මුලාකරන කලු සුද්දන්ගේ දෙවන මෙහෙයුම….