උතුරු පලාත LockDown..?

March 23, 2020 at 6:26 am | lanka C news
උතුරු පලාත LockDown..?

උතුරු පලාතේ දිස්ත්‍රික්ක 05 වසා දැමීම කළ යුතු දැයි සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ මෑතකදී යාපනයේ පැවැති දේව මෙහෙයක් සඳහා ස්විට්සරලන්තයෙන් පැමිනි දේවගැතිවරයා කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වීමයි.

දැනටමත් ඔහුගෙන් වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙක් රෝහල්ගතව සිටියි.

අදාළ දේවගැති විසින් මෙහෙයවූ දේව පූජාව සදහා පුද්ගලයන් 250ක පමණ පිරිසක් සහභාගී වී තිබින.

ඔවුන් උතුරේ දිස්ත්‍රික් පහම නියෝජනය කරමින් සහභාගී වී තිබිණි.

මේ හේතුවෙන් උතුරු පළාතේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශවල මතයයි.

දැනටමත් එම ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පනවා ඇත්තේ දිස්ත්‍රික් වලින් පිට වීම ද තහනම් කරමිකනි.

මේ හේතුවෙන් ඉදිරියේදී වර්ධනය වන තත්ත්වයන් සලකා බලා උතුරු පළාත පමණක් සම්පූර්ණයෙන්ම වසා දැමීම වැනි පියවරට යා යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

39,946 Viewers

11 Comments to “උතුරු පලාත LockDown..?”

  1. වසා දැමුවත් නැතත් එම ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. කොරෝනා ගැන රටේ ලෝකයේ මෙතරම් කතා බහක් බියක් පවතිද්දී, මෙබදු අන්තරායකාරී පූජාවකට බැටලු රැලක් සේ දැක්කවීමට මෙම මිනීමරු පූජකයාට හැකි වීමෙන් පැහැදිලි වන්නේ උතුරේ ජනතාව කොරෝනා පිලිබදව තවමත් අන්ධකාරයේ සිටින බවයි..
    දමිල භාෂාවෙන් මෙම් ජනතාවට කොරෝනා අන්තුරේ භයානක බවත්, ඉන් බේරීමට කළ යුතු දේත්, පවතින නීති රාමුවත් වහාම පැහැදිලි කර නොදුන්නොත් රෝගය පැතිරීම වැලැක්විය නොහැකියි..
    එසේ නොකර, ජනතාව කූඩු කර වසා දැමීමෙන් මුලු උතුරම ආසාධනය වී, රෝගය වේගයෙන් දකුණට පැතිරීම වැලැක්විය නොහැකියි.

    • Araliya says:

      JATHIWADI adahas weparuuwan Covid 19 gena denwath kara nethida?

    • Dilbert says:

      Gon wedda.

    • Dilbert says:

      එසේ නොකර, ජනතාව කූඩු කර වසා දැමීමෙන් මුලු උතුරම ආසාධනය වී, රෝගය වේගයෙන් දකුණට පැතිරීම වැලැක්විය නොහැකියි – Gon wedda

    • Dilshan says:

      No wonder you are a wadda.
      Waddo lock down doesn’t mean letting them die. Lock down means no one is allowed to go out in order to stop the spreading of the virus. Why you UNPiers are so dumb? May be you are trying to get political gain with every situation. Let me tell you that it’s not going to work this time

  2. sanasuma says:

    ආහාර තොග කොපමණ තිබුනත් ඒවා මහජනයාට ආරක්ෂිතව ලැබෙන කාර්යක්ෂම විධියක් තිබිය යුතුයි. වහාම මේ සඳහා උනන්දු වෙන්න. ඇඳිරි නීතිය අවසන් වීමෙන් පස්සේ භාන්ඩ ගන්න තියෙන්නේ ටික කාලයයි. මේ නිසා භාන්ඩ වර්ග කීපයක් බැගින් ඇති පාර්සල් වර්ග කීපයක් මිල සමඟ මහජනයාට පෙනෙන්න සලස්වා මුදල් ගන්න වගේ විධියක් යොදන්න. රටපුරා ආරක්ෂිතව ජංගම භාණ්ඩ පාර්සල් බෙදීම ඉතා වැදගත් වේවි.

  3. Ayotallah says:

    These are the worst extremists who does not care about peoples lives but take an advantage over the situation to convert the innocent Tamils to their protestant religions like Jehovah witness born gain Christians. The government should ban these religious propaganda like IS and ensure this does not happen again

  4. අවුරුදු තිහක් වහලා තිබුන උතුරට මාස දෙකක් තුනක් වහලා දැමීම කජ්ජක් නෙමෙයි!

  5. NewsHacker says:

    W.H.O. Expert Says Lockdowns Aren’t Enough.
    Current quarantine measures won’t be sufficient to stop the pandemic for good, the World Health Organisation’s top emergency executive Mike Ryan announced on Sunday.
    “The danger right now with the lockdowns … if we don’t put in place the strong public health measures now, when those movement restrictions and lockdowns are lifted, the danger is the disease will jump back up”.

  6. රටවැසි says:

    ඒ තීරණය ම ඇපේට තියල , උතුර වෙනම රටක් කියාවිද දන්නෑ . පරිස්සමෙන් .

Main News