උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විවුර්ත කෙරේ.

April 22, 2017 at 2:08 am | lanka C news
උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විවුර්ත කෙරේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඊයේ (21) දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතින් විවෘත විය.

මහල් තුනකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ බිම් මහලේ වැඩ අවසන් කොට උතුරු පළාතේ ජනතාවට මහත් සේවයක් කිරීමේ අරමුණින් මෙම ගොඩනැගිල්ල විවුර්ත කරන ලදී.

පසුගිය කාලය පුරා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ස්ථාන 2ක ස්ථාපිත කර තිබු අතර මෙම නව ගොඩනැගිල්ල විවුර්ත කිරීම තුලින් සියලුම සේවකයින් එක ස්ථානයකට පැමිණ සේවය කිරීමත්,පසුගිය කාලය පුරා ජනතාවට ඇති වූ අපහසුතාවයන් මගහරවා ගැනීමට මනා පිටිවහලක් වනු ඇත.

තවද, ඉදිවෙමින් පවතින පළමු මහල සහ දෙවැනි මහල නිරීක්ෂණය කල උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හැකි ඉක්මනින් සියලු වැඩ අවසන් කොට අපගෙන් සේවාවන් ඉටුකර ගැනීමට පැමිණෙන සියලුම දෙනාට ඉතා සුහදශීලී,ප්‍රිය මනාප,ආචාරශීලීව තමන්ගේ සේවාව සපයන ලෙසත් අවට සොබා සෞන්දර්ය සුන්දරත්වය මෙතනට පැමිණෙන සියලුම දෙනාට මනාව දැකගනීමටත් එය රැක ගැනීමටත්  කටයුතු කරන මෙන් කියා සිටියේය.

– වජිර කොඩිතුවක්කු

25 views

One Comment to “උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විවුර්ත කෙරේ.”

  1. Gamini Abaya says:

    WHERE IS THE LOCATION…….?

Main News