උතුරු පළාත් කෘෂිකර්ම ඇමති මහ ඇමති ධුරයේ දිවුරයි..

January 3, 2017 at 6:48 pm | lanka C news
උතුරු පළාත් කෘෂිකර්ම ඇමති මහ ඇමති ධුරයේ දිවුරයි..

උතුරු පළාත් කෘෂිකර්ම, ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජල සම්පාදන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, පරිසර සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය පොන්නතුරෙයි අයින්ගරනේෂන් මහතා අද දින වැඩ බලන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කැනඩාවේ විදෙස් සංචාරයක බලා පිටත්වූ බැවින් ඒ සදහා ඇතිවන පුරප්පාඩුව පිරවීම සදහා මෙම පත්වීම සිදු කර ඇත.

– වජිර කොඩිතුවක්කු

124 views
Main News