උතුරු පළාත් සභාවත් 20 වැනි සංශෝධනය ප‍්‍රතික්‍ෂෙප කරයි.. ජනමත විචාරණයක් ඉල්ලයි..

August 24, 2017 at 6:49 pm | lanka C news
උතුරු පළාත් සභාවත් 20 වැනි සංශෝධනය ප‍්‍රතික්‍ෂෙප කරයි.. ජනමත විචාරණයක් ඉල්ලයි..

සියළු පළාත් සභා සදහා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සදහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පල කරන බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

ඒ සදහා පළාත් සභාවේ අනුමැතිය නොලැබෙන බව සදහන් කරන ඔහු මෙතුළින් පළාත් සභාව සතු බලතල පාර්ලිමේන්තුවට පවරා ගැනීමක් සිදුවන බවද කියා සිටී.

මේ සම්බන්ධයෙන් පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ මෙන්ම පළාතේ ජනතාවගේද මතය විමසිය යුතු යයි ඔහු සදහන් කරයි.

40 views