උතුරු පළාත් සභාවේ ගැටළුව විසදන හැටි මහ ඇමති කියයි…

June 19, 2017 at 8:03 am | lanka C news
උතුරු පළාත් සභාවේ ගැටළුව විසදන හැටි මහ ඇමති කියයි…

යාපනයේ පිහිටි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් මහතාගේ නිල නිවසේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරනු කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමෙන් පසුව පලාත් සභාවේ ගැටලුව විසඳෙන අයුරු සම්බන්ධයෙන් උතුරු මහ ඇමති මාධ්‍යට අදහස් පල කර සිටියේය.

ප්‍රධාන අමාත්‍ය නිල නිවසේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලො සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පලාත්සභා මන්ත්‍රී වරුන් පිරිසක් හමු වීමෙන් පසුව ටෙලො සංවිධානයේ නායකයා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ,

‘උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන් මහත්තයට විරුද්ධව භාර දීල තියන දිවුරුම් ප්‍රකාශයන් ඉවත් කරගන්න කියල තමයි අපි කියන්නේ අපි දෙමළ ජාතික සන්ධානයේ පාර්ශවකාර පක්ෂයක් නමුත් මේ ක්‍රියාවන් ගැනීමට පෙර කිසිවෙක් අපි සමග සාකච්ඡා කලේ නැහැ .. යනුවෙනි.

මේ අතර උතුරු මහඇමති නල නිවසේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන එස්.ශ්‍රීධරන් හා චාල්ස් නිර්මලනාදන් උතුරු මහඇමති වරයා හමු වීමෙන් පසුව මාධ්‍යට පවසා සිටියේ.

‘‘දැනට ඇතිව තිබෙන ගැටලු සහගත තත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සහ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හමු වී සාකච්ඡා කොට පසුව නැවත උතුරු මහඇමති වරයා හමුවීමට පියවර ගන්නවා. යනුවෙනි.

අවසානයේදී උතුරු මහඇමති විග්නේෂවරන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,

‘ජනතාව දැන් කැලඹිල ඉන්නේ එවැනි වාතාවරනයකදී ආගමික නායකයින් මේ ගැන දැනගෙන හිටියොත් තමයි තීරණ ගැනීමට හැකි වෙන්නේ මේ සියල්ලක් පිළිබඳවම මම ආගමික නායකයින්ව දැනුවත් කරා මම කිව්වා මේ ගැටලුව විසඳන්න නම් මට විරුද්ධව දීල තියන දිවුරුම් ප්‍රකාශ ඉවත් කරගත යතුයි කියලා’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views
Main News