උතුරු පළාත් සභාව විසුරුවා රෙජිනෝල්ඞ් කුරේට බලය පවරන්න යෝජනා කෙරේ..

October 1, 2016 at 4:06 am | lanka C news
උතුරු පළාත් සභාව විසුරුවා රෙජිනෝල්ඞ් කුරේට බලය පවරන්න යෝජනා කෙරේ..

උතුරු පළාත් සභාව විසුරුවා හැර එහි බලය ආණ්ඩුකාරවරයා වෙත පවරා දෙන ලෙස බොදු බල සේනා සංවිධානය ප්‍රමුඛ සංවිධාන කිහිපයක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන්ගේ ‘ජාතිවාදී ප්‍රකාශයන්ට’ එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

බොදු බල සේනා, රාවණා බලය සහ සිහල රාවය ඇතුළු සංවිධාන එම ඉල්ලීම කළේ උතුරේ ක්‍රියාත්මක ‘උතුර රකින රට සුරකින ව්‍යාපාරය’ වවුනියාවේ දියත් කළ විරෝධතා පාගමනකට එක්වෙමින්.

සිංහල පරිසරයක හැදුණු වැඩුණු, සිංහල පළාත්වල සේවය කළ සීවී විග්නේශ්වරන් උතුරේ ප්‍රධාන අමාත්‍ය පදවියට පත්වීමත් සමඟ ඔහු මනා සංහිඳියාවකින් යුතුව ක්‍රියාකරනු ඇතැයි දකුණේ ජනතාව අපේක්ෂා කළත්, වර්තමානයේ ඔහු ‘ජාතිවාදයේ විෂ වපුරුවමින් සිටින’ බවට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ චෝදනා කළහ.

එහෙත් ජාතිවාදී ප්‍රකාශ කළ බවට එල්ල වන චෝදනා මහ ඇමති සීවී විග්නේශ්වරන් තරයේ ප්‍රතික්ෂේප කරයි.

දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව කතාකිරීම ජාතිවාදයක් නොවන බව සඳහන් කළ මහ ඇමතිවරයා, සිය ජීවිත කාලය තුළ තමා කිසි දිනෙක ජාතිවාදියකු නොවූ බව අවධාරණය කළේය.

“කිසි විටක සිංහල විරෝධී දෙමළ ජාතිවාදියකු වීමට අවශ්‍ය නොකරන අතර තම දරුවන් දෙදෙනාම සිංහල ජාතිකයන් සමඟ විවාහ වී සිටින,” බවත් ඔහු පෙන්වා දුන්නේය.
සිය අයිතිවාසිකම් දිනා ගනු වස් දියත් කළ ‘එළුග තමිල්’ පා ගමන පිටුපස සිංහල විරෝධයක් නොමැති බව පා ගමන අතරවාරයේත් ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේය.

සිකුරාදා උද්ඝෝෂණය අතරවාරයේ අදහස් පළ කළ රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ, ප්‍රධාන අමාත්‍යවරයාගේ ‘ජාතිවාදය ඇවිස්සෙන අන්දමේ’ ප්‍රකාශයන්ට විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා සම්බන්ධ නැතැයි ආණ්ඩුව කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව සඳහන් කළහ.

එහෙත් දෙමළ ජාතික සංධානය එම චෝදනාවත් මීට ඉහතදී ප්‍රතික්ෂේප කර තිබේ.

එළුග තමිල් උද්ඝෝෂණය සහ දෙමළ ජාතික සංවිධානය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ.

වවුනියාවේ විරෝධතාවයේ නිරත වූ පිරිස ජනාධිපතිවරයාට භාරදීම පිණිස සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර වෙත භාර දුන්හ.

සිංහල, දෙමළ සහ මුස්ලිම් වැසියන් උතුරු පළාත තුළ අනාදිමත් කාලයක සිට සහෝදරයන් ලෙසින් ජීවත්වන බව එහිදී සඳහන් කළ දිසාපතිවරයා, දේශපාලන වාසි උදෙසා ඇතැමුන් කරන ප්‍රකාශ එලෙසින්ම පිළිනොගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

– BBC

15 views

4 Comments to “උතුරු පළාත් සභාව විසුරුවා රෙජිනෝල්ඞ් කුරේට බලය පවරන්න යෝජනා කෙරේ..”

  1. Sam says:

    පොල්පිතිතුමා:

    ඔව් හරියටම හරි මහ ඇමතිතුමා. හැබැයි ඔය දකුණේ අනිත් අය මතක තියාගත්තොත් හොඳයි සිංහලයා ගැන සිංහලයන්ම කතාකිරීම අතිශය ජාතිවාදී, දේශද්‍රෝහී රටේ සංහිඳියාව, භෞමික අඛණ්ඩතාවය, පාරිසරික සමබරතාවය, අලි ඇතුන්ගේ නිදහස නැතිකරන වකුගඩු රෝගය වැඩි කරන බරපතල අපරාධයක් බව. ඒ යට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බවටත් සහතික වෙනවා.

  2. SARADIEL says:

    උතුරු පළාත් සභාව විසුරුවා හරිම පමණක් නොවේ දේශපාලන වාසි උදෙසා ජාතිවාදය බෙදුම්වාදය පතුරවන TNA ත්‍රස්තවාදී පක්ෂයත් තහනම් කල යුතුයි
    රෙජිනෝල්ඞ් කුරේ යනු සිංහල බෞද්ධ විරෝධියෙක් .. දෙමළ කොටි රායප්පු ..එමානුවෙල් වැනි සුදුලෝගුකාරයින් නටවන රූකඩයක්
    ඔහුවත් උතුරේ ආණ්ඩුකාරධුරයෙන් ඉවත් කර රට ජාතියට ආදරයකරන අවංක සිංහලයෙක් උතුරට පත්කිරීම කල යුතුයි

  3. SALMAL says:

    දෙමළ ඊළාම් රාජ්‍යය බිහි කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය වන්නේ ව්‍යවස්‌ථාදායක බලය හිමිකර දීම පමණි. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා “දිවයින ” පුවත්පත හා අදහස්‌ දක්‌වමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පළාත් සභාවලට නැවත ලබා ගත නොහැකි ලෙස, බලය පැවරීමක්‌ කළ යුතු බවයි. ඒ මහතා සඳහන් කරන ආකාරයට බලය පැවරීමක්‌ සිදු කළ හොත් පළාත් සභාවලට ව්‍යවස්‌ථාදායක බලය හිමි වන බව පැහැදිලිය. එසේ වුවහොත් මේ අවස්‌ථාව වනවිට දෙමළ ජාතික සංධානයේ අනියම් ඉල්ලීම වී තිබෙන පෙඩරල් රාජ්‍යයක්‌ තුළ දෙමළ ඊළම බිහිවන බව පැහැදිලිය.ඒ නිසා උතුරු පළාත් සභාව වහාම විසුරුවා යුතුයි එක්‌සත් ජාතික පෙරමුණ ආණ්‌ඩුව විසින් ප්‍රභාකරන් සමඟ අත්සන් තබන ලද ගිවිසුම පරාජය කිරීම එදා ජනතා විමුක්‌ති පෙරමුණ විශාල කාර්ය භාරයක්‌ ඉටුකලා එත් අද JVP නායකයා දෙමල ඩයස් පෝරාවේ මුදලට මෙම තීරණාත්මක අවස්‌ථාවේදී ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සිය ඓතිහාසික කාර්ය භාරය ඉටු නො කර යහපාලනයට සහ බෙදුම් වාදීන්ට සහය පල කිරීම කෙතරම් නින්ඳිත ක්‍රියාවක්ද ??
    ඉන්දු – ලංකා ගිවිසුමට සහ පළාත් සභා ක්‍රමයට එරෙහිව සටන් කර එම අරමුණ වෙනුවෙන් තම ජීවිතය පූජා කළ වීරවරයන් වෙනුවෙන් අපේ රට ජාතිය බේරාගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් සිංහලයින් උතුරේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනය පරාජය කල යුතුයි
    බොදු බල සේනාවට…රාවනා බලයට දේශහිතෙෂි සියලුම සිංහල සංවිධාන වලට අපේ ප්‍රණාමය …සිංහලයෙනි එක්වෙයව් රට ජාතිය ආගම රැකගනිව්

  4. OLU says:

    සම හරක් සිංහලයෝ අපේ හාමුදුරුවරු ජාතිවාදී කියලා කෑගැහුවට ….. විග්නේශ්වරන් ජාතිවාදියි කියලා දෙමළ මිනිස්සු කියන්නේ නැහැ
    එක තමයි තමන්ගේ ජාතික කැක්කුම කියන්නේ … ටිකක් සිතපල්ලා …..දෙමල මිනිස්සු මේ රටේ උරුමය අයිති කර ගෙන දෙමළ රටක් බිහි කිරීමට උත්සාහ කරනවා …සිංහල මිනිස්සු තමන්ගේ එකම මාතෘ භුමිය දේශපාලන බලයට මුදලට සුලු ජාතින්ට පාවාදෙමින් විනාශකිරීමට සහය දෙනවා
    සිංහලයෙනි උබලගේ ඇස් දෙකට හෙන ගහලද මේවා නොපෙනෙන්නේ …දැන්වත් සිංහලයාගේ එකම මාතෘ භුමිය රැකීමට පක්ෂ බේද නොතකා එකිනෙකා ගෙන් පලිගැනීම අතහැර සමගි වෙයව් …..සිංහලයා එකිනෙකා අතර බේද ඇතිකර ගන්නා විට එයින් ප්‍රයෝජන ගන්නේ රට ගිලගන්න බලා සිටින සුළු ජාතින් ..ඒ බව තේරුම් ගනිව්
    බොදුබල සේනාව ..රාවනා බලය ..ප්‍රමුඛ සංවිධාන ‘උතුර රකින රට සුරකින ව්‍යාපාරය’ වවුනියාවේ දියත් කළ විරෝධතා පාගමනක සහය දැක්වූ සියලුම සිංහලයින්ට අපේ ප්‍රණාමය ස්තුතිය ….ගෞරවනීය සංඝයාවහන්සේලාට අපේ පාද පුර්ව නමස්කාරය ,,ප්‍රණාමය
    ..රට ජාතිය ආගම රැකීමට ධෙෙර්ය ,ශක්තිය දළදා සමිදුගේ පිහිටෙන් ඔබ සැමට ලැබේවා !ජයවේවා

Main News