උතුරු පළාතෙන් 70%ක විදුලිය උත්පාදනයක්….

January 21, 2022 at 2:10 am | lanka C news
උතුරු පළාතෙන්  70%ක විදුලිය උත්පාදනයක්….

උතුරු පළාතේ පුනරීන් ප්‍රදේශයේ සුළං සූර්ය බලශක්ති උද්‍යාන ව්‍යාපෘතික් සඳහා පළමු අදියර වශයෙන් මෙගාවොට් 100ක සුළං බල ව්‍යාපෘතියක් ද මෙගාවොට් 133ක සුළං බල ව්‍යාපෘතියක් දෙවන අදියර වශයෙන් මෙගාවොට් 150 සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් තෙවන අදියර වශයෙන්ද ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක විශාලතම පුනර්ජනනීය බලශක්ති පදනම් කරගත් බලශක්ති උත්පාදන ව්‍යාපෘතිය මෙය වනු ඇත.

තවද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ යාපනය කලපුවට ප්‍රක්ෂේපණය කර ඇති පටු බිම් තීරුවක් වන පුනරීන් අර්ධද්වීපයේ පිහිටා ඇති ප්‍රදේශය තුල නිෂ්පාදනය කරන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය 2024 – 2026 කාලසීමාව තුළ ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ.

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ඉදිරි  වසර කිපයතුල උතුරු පළාත තුලින් පුනර්ජනනීය බලශක්ති සම්පත්වලින් 70%ක විදුලිය උත්පාදනය කිරීමේ ඉලක්කය ගත වැඩසටහනකට කටයුතු සුදානම් කර ඇත.

මේ පිලිබඳ විශේෂ සාකච්චාවක් උතුරු පළාත් ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වින.

මෙම ව්‍යාපෘති මගින් උතුරු පළාතේ ජීවත් වන ජනතාවට සමාජීය වටිනාකමක් ලැබෙන අතර ප්‍රදේශය තුල ඉදිකිරීම් හා මෙහෙයුම් ආශ්‍රිත රැකියා ඉල්ලුමක් පවතින විට ප්‍රදේශයේ පුහුණු හා නුපුහුණු ශ්‍රම බලකායට ප්‍රමුඛත්වය ලබා දීම තුලින් පළාතේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයටද මෙය මහත් පිටිවහලක් වනු ඇත.

එහිදී අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරතුමා කියා සිටියේ උතුරු පළාත හරිත කලාපයක් බවට පත් කිරීම තම අරමුණ බවත් යෝජිත ව්‍යාපෘතිය ඒ සඳහා විශාල පිටිවහලක් වනු ඇති බවත්ය.

සෑම ගොවියෙකුම/පුරවෙසියෙකුම හරිත නිෂ්පාදකයෙකු වීමටත්  වගබලාගතයුතු බව ප්‍රකාශ කල උතුරු පළාත් ආණ්ඩුකාරතුමා මේ ආකාරයෙන් තම පාරිභෝගික සහ නිෂ්පාදක භූමිකාවක් ඉටු කිරීමට ඔවුන්ට ප්‍රදේශයේ නිලධාරීන් උපරිම සහයෝගය ලබාදියයුතු බවත් එහිදී වැඩිදුරටත් වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් තුමා,ශ්‍රී ලංකා සූර්ය බලශක්ති අධිකාරියේ සභාපතිතුමා, සූර්ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම්)ඉංජිනේරුවරුන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

– වජිර කොඩිතුවක්කු

33,847 views

2 Comments to “උතුරු පළාතෙන් 70%ක විදුලිය උත්පාදනයක්….”

  1. අනාගතයක් සඳහා සක්‍රීයව සැළසුම් සකස්කරමු,.! says:

    වහල් ගැත්තන් යදින්නනගෙන් තොර අනාගතයක් සඳහා සක්‍රීයව සැළසුම් සකස්කරමු,.!

    අනාගතයක් සඳහා සක්‍රීයව සැළසුම් සකස්කරමු,.!

    විදුලිය පැය විසිහතර පුරාවට අවශ්‍යනම් විසංධිකළ යුතුයි, දේශීය විසඳුම් සොයාගන්නාතුරැ ,ඡලවිදුලියෙන් පමනක් විදුළිබලය ඡනනය කළ යුතුයි, චිනය විසින් අවලංගු කරනාලද සූර්‍යවිදුලිබල ව්‍යාප්‍රෘති කැදවාගැනීමට වහාම කටයුතු කළ යුතුයි,.!

    ”දේශීය බුද්ධිය වහාම උයෝගී කරගනිමින ( hydrogen ) ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට වහාම සැලසුම් සකස්කර ක්‍රයාවට නැංවිය යුතුයි,.!

    ‘ඡාතික සම්පත්,රාඡ්‍යයේ මරමස්ථන,ධන උල්පත් කිසිලෙසකින් ඉන්දියානුවන්,බටහිරයන් සතු නොකළ යුතුයි,.!

    වහල් ගැත්තන් යදින්නනගෙන් තොර අනාගතයක් සඳහා සක්‍රීයව සැළසුම් සකස්කරමු,.!

  2. KUMAR says:

    THEN YOU ARE SAYING GIVE TO CHINA MAD MAX.

Main News