උතුරු පළාතේ ගොවි ගැටළු විසඳන්න දිස්ත‍්‍රික්ක පහේම කමිටු පිහිටුවයි…

January 29, 2019 at 2:03 am | lanka C news
උතුරු පළාතේ ගොවි ගැටළු විසඳන්න දිස්ත‍්‍රික්ක පහේම කමිටු පිහිටුවයි…

ඉරණමඩු ජලාශයෙන් ලැබෙන ජලය උපයෝගී කරගෙන ජීවනෝපාය කටයුතු සිදුකරන ගොවි ජනතාව සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහ අතර විශේෂ සාකච්ඡවක් කිළිනොච්චි ප‍්‍රදේශයේදී පැවැත්විණ.

මෙහිදී ආණ්ඩුකාරතුමා ගොවීන්ගේ ප‍්‍රශ්න හා ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡ කළ අතර ගොවීන්, වාරිමාර්ග ඉංජිනේරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ එකතුවෙන් උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක 5ම නියෝජනය වන පරිදි අනු කමිටු සහ ප‍්‍රධාන කමිටුවක් පිහිටුවීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළේය.

පසුගිය දශක 5ක කාලය පුරාවට ඉරණමඩු ජලාශයට සහ කිළිනොච්චි ප‍්‍රදේශයට වර්ෂාපතනය ලැබීම පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන එය පදනම් කර ගනිමින් ඉදිරියේදී ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු සාර්ථකව කර ගැනීමට ඇතිවිය හැකි බාධාවන් පිළිබඳවද මෙහිදී සාකච්ඡ කරනු ලැබීය.

එහිදී ගොවීන් විසින් ආණ්ඩුකාරතුමා වෙත කරනු ලැබූ විශේෂ ඉල්ලීම වූයේ පසුගිය කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ඉතා ඉහළ ගිය බවත් එම ජලය නිසියාකාරව කළමනාකරණය කිරීමට තමන්ට අවශ්‍ය දැනුම ලබාදෙන ලෙසත්ය. එම ඉල්ලීම පිළිබඳව විශේෂ අවධානය යොමු කළ ආණ්ඩුකාරතුමා අදාළ ගොවීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය පුහුණුව සහ දැනුම හැකි ඉක්මනින් ලබාදෙන බව ප‍්‍රකාශ කළේය.

තවද ජලාශයේ ජල මට්ටම අඩුවන කාලයේදී ගොවීන්ට මුහුණ පෑමට සිදුවන කෘෂිකාර්මික සහ ආර්ථික ගැටළු වලට මුහුණ දීමටත් එයින් සිදුවන අපහසුතාවයන් හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මට්ටම රඳා පවත්වා ගන යාමට අවශ්‍ය ක‍්‍රමවේදයන් සොයා බලා ඒ සම්බන්ධයෙන් රක්ෂණ සමාගමක් සමඟ සාකච්ඡුා කර ගොවීන්ගේ ජීවන තත්ත්වය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමට කටයුතු කරන බවද පැවසීය.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

400 Viewers
Main News