උතුරු පළාතේ විරෝධතා සාධාරණයි.. සංසුන්ව සිටීම නිසා උතුරේ ජනතාවට ස්තුතියි.. ලබන වසර රට පොහොසත් කරන වසරයි..

November 1, 2016 at 1:20 pm | lanka C news
උතුරු පළාතේ විරෝධතා සාධාරණයි.. සංසුන්ව සිටීම නිසා උතුරේ ජනතාවට ස්තුතියි.. ලබන වසර රට පොහොසත් කරන වසරයි..

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකුගේ මරණ ගැන උතුරු පළාත තුල විරෝධතා ඇති වීම සාධාරණ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ දිනයේ යාපනය කීරමලේදී පැවති ඉඩම් නිදහස් කිරීමේ හා නිවාස ලබා දීමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මේ ආකාරයේ සිදුවීමක් දකුණේ වුයේ නම් රුහුණු සරසවියේ තත්වය මීට වඩා නොසන්සුන් වනු ඇති බවයි.

උතුරේ ජනතාව මෙම සිදුවීමෙන් පසු සංන්සුන්ව කටයුතු කිරරී ගැන ගමන් ස්තුතිවන්ත වන බවද ජනාධිපතිවරයා කීය.

තව දුරටත් අතහස් පල කරමින් ඔහු එහිදී කියා සිටියේ අද වන විට ලෝකයේ බොහෝ රටවල් මෙරටට උදවු කරන බවත් 2017 වසර මෙරට දුගී බවෙන් නිදහස්වීමේ වසර ලෙස නම් කර ඇති බවත්ය.

29 views
Main News