උතුරු මහඇමතිගේ ‘විනිසුරු කතාකරයි’… සම්පන්ධන් ඇතුලු සියලු දෙමළ නායකයින් එක්වෙයි…
June 30, 2018 at 2:06 am | lanka C news
විනිසුරු භූමිකාවෙන් පසුව දේශපාලන කරලියට පැමිණීමත් දේශපාලන ජීවිතයේ සුවිසේසි වූ සිද්දීන් ඇතුලත් කරමින් විනිසුරු කතාකරයි යන මාතෘකාවෙන් යුත් පොතක් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා විසින් යාපනයේදී එලිදක්වනු ලැබීය.
යාපනය වීරසිංහම් ශාලාවේදී දෙමළ ජාතික සභාව රැස්වූ අතර එම අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයාගේ කෘතියද එලිදැක්වීම සිදුවූ හෙයින් එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්පන්ධන්, දෙමළ ගෝලීය සන්සදයේ සභාපති එස්.ජේ.එමානුවේල් පියතුමා ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ සියලුම් මන්ත්‍රීවරුන් හා පලත් සභා මැති ඇමති වරුන් මෙන්ම ඊ.පී.ඩී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතාද සහභාගී වී සිටියේය.
දෙමළ ජාතික සභාවේ විද්වත් කමිටුවේද සියලුම සිමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ප්‍රධාන අමාත්‍ය වරයාගේ පොත එලි දැක්වීමේ අවස්ථාවට සියලුම දෙමළ නායකයින් සහභාගීවීම විශේෂත්වයක් විය.
සිය දේශපාලන ජීවිතයේ සුවිශේසී සිදුවීම් විශේෂ තීරණයන් මෙන්ම ඉදිරි දැක්ම පිළිබඳව විනිසුරු කතාකරයි නම් කෘතියෙන් විදහා දැක්වෙන අතර පොතේ මිල රුපියල් 1000 ක මුදලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති අතරම කෘතිය ඉතා ඉක්මනින් දෙමළ ජනතාව අතරට යනු ඇති බවටද සී.වී.විග්නේස්වරන් මහතාගේ බලාපොරොත්තුව වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Muge tawath eka aramunak Demala Elam wenavidiyata gena upayak wenna athi.