උතුරු මහඇමති පොලිස් බලතල ඉල්ලයි.. බලතල දුන්නොත් සුමාන දෙකෙන් කල්ලි හා අපරාධ නවත්වන බව කියයි..

August 2, 2018 at 11:20 am | lanka C news
උතුරු මහඇමති පොලිස් බලතල ඉල්ලයි.. බලතල දුන්නොත් සුමාන දෙකෙන් කල්ලි හා අපරාධ නවත්වන බව කියයි..

පළාත් සභා සදහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන් දින සුමාන දෙකක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඊයේ (01) සවස යාපනයේදී කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍යවරයා එසේ කියා සිටියේ පළාතේ තත්ත්වය පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය වරයා කියා සිටියේ,

‘ඔය කියන අපරාධ කල්ලි කව්රු විසින් පවත්වගෙන යනවද කියල අපිට කියන්න බැහැ නමුත් මෙහෙ වැඩිපුර මිනිස්සු හිතන්නේ යුද හමුදාව ඉදිරියටත් මේ ප්‍රදේශවල ඉන්න ඕන නම් මේ වගේ අපරාධ පෙන්නලා මෙහෙම අපරාධ වෙන නිසා යුද හමුදාව ඉන්න ඕන නිසා මේ දේවල් වෙනව කියලයි

මේ නිසයි අපි පොලිස් බලතල ඉල්ලන්නේ මධ්‍යම රජයෙන් පොලිස් ස්ථාන ක්‍රියාත්මක වන නිසයි මේ ගැටලු පලාත්සභා වෙතට පොලිස් බලතල ලබා දෙන්නේනම් උතුරු පලාතේ කුඩා ව්‍යවුහය තුල පොලිස් බලතල නිසිලෙස ක්‍රියාවට නංවා සුමාන දෙකෙන් මේ අපරාධ සහ විවිධ කල්ලි නවත්වන්න පුලවන්

මොකද මිනිස්සුන්ට බයක් නැතිව අපිට ඇවිත් බයක් නැතුව සියල්ල කියන්න පුලුවන් දැන් මිනිස්සු මොකවත් කියන්න ඉදිරියට එන්නෙ නැහැ මොකද මිනිස්සු හිතන්නේ අපරාධ කරුවන් අතරෙත් පොලීසිය අතරෙත් සම්බන්ධකම් තියනවා කියලයි.

වන්නි රොමේෂ් මධුෂංඛ

101 views

12 Comments to “උතුරු මහඇමති පොලිස් බලතල ඉල්ලයි.. බලතල දුන්නොත් සුමාන දෙකෙන් කල්ලි හා අපරාධ නවත්වන බව කියයි..”

  1. sanidu sooriarachchi says:

    දැන් තමයි බළලා මල්ලෙන් එලියට පැන්නේ. එතකොට කව්ද මේව පිටිපස්සේ ඉනනේ????

    • A citizen says:

      He studied and did high post job in south. Yet he does make accommodation to resettle the Sinhala people who have been living in Jaffna and in the Northern province for decades , prior to 30 year terrosist period, who were terrorized and chased away , while some were killed by the terrorists .