උතුරු මහුදට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට….
July 10, 2018 at 2:02 am | lanka C news
උතුරු මහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් කන්කසන්තුරෙයි නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවකින් මසුන් අල්ලමින් සිටි මෙම ධීවරයින් පිරිස පිළිබඳව කන්කසන්තුරෙයි නාවික හමුදා මුර සංචාරයකට නිරීක්ෂණය වීමෙන් පසුව අදාල ඉන්දීය ධීවරයින් පිරිස හා ධීවර යාත්‍රාවද සමග ඔවුන් ඇල්ලූ මසුන්ද සන්නිවේදන උපකරණද සමගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ධීවරයින් ඉන්දීයාවේ රාමනාදන්පුරම් ප්‍රදේශයේ පදිංචි ගෝවින්දරාජ්, මුත්තු ඉරුලන්ඩි, දිනේෂ්කුමාර්, සෙල්වම් නඩරාජ් යන අය වෙයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස කන්කසන්තුරෙයි නාවික වරායට රැගෙන ඒමෙන් පසුව කන්කසන්තුරෙයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ නිලධාරීන් වෙතට භා දීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ