උතුරු මහ ඇමතිට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්න සූදානම්.. එක කොන්දේසියයි..

June 17, 2017 at 8:02 am | lanka C news
උතුරු මහ ඇමතිට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගන්න සූදානම්.. එක කොන්දේසියයි..

උතුරැ පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව ගෙන එන ලද විශ්වස භංග යෝජනාව ආපසු කැදවීමට තම පක්‍ෂය සූදානම් බව ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය පවසයි.

එම පක්‍ෂයේ නියොජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සදහන් කරන්නේ එසේ කිරීමට නම් පළාත් සභාවේ දැනට චෝදනා එල්ල වී ඇති ඇමතිරුන්ගෙන් වැරදිකරුවන් යයි තහවුරු වූ දෙදෙනා පමණක් ඉවත් කල යුතු බවයි.

මෙම විශ්වාස භංගය ගෙලන එනු ලැබුවේ ඇමතිවරුන් දෙදෙනෙකු පමණක් වැරදිකරුවන් බව තහවුරු වී තිබියදී චෝදනා එල්ල වූ සිව්දෙනාම ඉවත් කිරීමට එරෙහිව බවද ඔහු කියා සිටී.

61 views
Main News