උතුරු මැද ඒකාබද්දයේ සියළු දෙනා මන්ත‍්‍රී ධුරයන්ගෙන් ඉවතට.. ලයිස්තුවේ ඊළග අය පත් කරන්න සූදානම්..

May 15, 2017 at 9:20 am | lanka C news
උතුරු මැද ඒකාබද්දයේ සියළු දෙනා මන්ත‍්‍රී ධුරයන්ගෙන් ඉවතට.. ලයිස්තුවේ ඊළග අය පත් කරන්න සූදානම්..

උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රි කණ්ඩායමක් මල් පොහොට්ටුවෙන් තම බහුතරය පෙන්වන්නේ නම් ඔවුන් එම ධුරවලින් ඉවත් කර ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයන් මන්ත්‍රිධුර සඳහා පත්කර ගෙන පාලන කටයුතු ගෙනයෑමේ හැකියාව ඇතැයි පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවැසීය.

දැනට පුරප්පාඩු වී ඇති අමාත්‍ය ධුරය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයකු දිවුරුම් දෙන බවත් දේශපාලන පක්ෂ ඇතුළේ තිබෙන මත ගැටුම් සභාවේ පාලනයට බලනොපාන බවත් පළාත් සභාව දැනට මුහුණ පා ඇති අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් පේෂල ජයරත්න මහතා මෙසේද කීය.

අනෙක් තැන්වල වගේ පළාත් සභාව තුළ ඔය කියන විදියේ බලයක් පෙන්වන්නට බෑ. පළාත් සභාවේ එකම කණ්ඩායමක් හැටියටයි අපි ඡන්දය ඉල්ලා තියෙන්නෙ. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකම කණ්ඩායමක් හැටියට ඡන්දය ඉල්ලලා තියෙනකොට කණ්ඩායමකට වෙනම හැසිරෙන්න බෑ. ඔවුන් වෙනම හැසිරෙනවා නම් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පක්ෂයට තිබෙනවා. නීත්‍යනුකූලව කටයුතු කරලා ඔවුන් මන්ත්‍රි ධුරවලින් ඉවත් කර ඊළඟ ඉන්න අය මන්ත්‍රි ධුරවලට පත් කරන්නට ඕනෑ.
මොකක්ද මෙයාලට තියනවයි කියන කණ්ඩායම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා ඡන්දයකින් පස්සේ බහුතර මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත ඇත්තේ යැයි ආණ්ඩුකාරවරයා සලකනු ලබන තැනැත්තා, ඒ වගේම ආණ්ඩුකාරවරයා කල්පනා කරන හැටියට කිසියම් පක්ෂයක්, දෙකෙන් එකකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් තනි පක්ෂයක් ලබාගෙන තිබෙනවා නම් එම පක්ෂයේ කණ්ඩායම් නායකයා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ආණ්ඩුකාරවරයා පත්කළ යුතුයි කියා. එතකොට මම තමා දැනට කණ්ඩායම් නායකයා,

පක්ෂය නම් කරපු කණ්ඩායම් නායකයා. අපි ඔක්කොම ඡන්දය ඉල්ලුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එසේ නැතිව බුලත් කොළයෙන්, මල් පොහොට්ටුවෙන් නෙවෙයි. එයාල පොහොට්ටු ගහගත්තට කරන්න දෙයක් නෑ. අපි අහනව ඔයාල නියෝජනය කරන
පක්ෂය මොකක්ද කියලා. එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ මල් පොහොට්ටුව හෝ හරි කියලා කිව යුතුයි නේ. එසේ දෙන උත්තරය සාක්ෂියක් කරගෙන ඔවුන් මල් පොහොට්ටුව කියනවා නම් එයාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නෙවෙයි කියලා අපි තීන්දු කරනවා. අපි මැතිවරණ කොමසාරිස්ට දැනුම් දෙනවා මෙයාල ධුරයෙන් පහ කරලා ඊළඟට ලැයිස්තුවේ ඉන්න අය මන්ත්‍රි ධුර සඳහා පත් කරන්න කියලා. ඒක බොහොම සරල දෙයක්.

– මව්බිම

49 views

7 Comments to “උතුරු මැද ඒකාබද්දයේ සියළු දෙනා මන්ත‍්‍රී ධුරයන්ගෙන් ඉවතට.. ලයිස්තුවේ ඊළග අය පත් කරන්න සූදානම්..”

  1. ප්‍රවේනිදාස says:

    ඔව් ඔව්! බොහොම සරල දෙයක්

  2. Manel says:

    How about bringing a no confidence motion against the chief minister?

  3. Notthischange says:

    Ane gono owa kiyapan harakta. ehema neethiyak thiyenam jeewitheta wishwasa bangayak genne kohomada!

  4. kumara says:

    Janatha chanda balaya wenas karanna kisima ayekuta behe.

  5. ජසයා says:

    ඕක තමයි මම දිගටම කියන්නේ. හැකි ඉක්මනින්, කල් නොයවාම, වහාම, විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්න. වෙන වෙනම විශ්වාස භංග යෝජනා රැසක් ඉදිරිපත්කර, සැම සභා වාරයකදීම ඡන්දයක් පවත්වන්න. සමහර විට රජය, පලාත් සභාව විසුරුවා හැරීමට පුළුවන. එයට පෙර මෙම විශ්වාස භංග යෝජනා න්‍යාය පත්‍රයට ඇතුල් කරන්න.

  6. raawana says:

    Simple logic,

    Olu gedi sellamwalin balayaya ganna eka janamathayata karana nigrahayak.horunta one apamana balayak.

  7. Vimarshana says:

    එසේනම්, ශ්‍රී ල නි ප යට විරුද්ධ කණ්ඩායම් සමග එකතුවී, එකී පක්ෂයටත් පක්ෂනායකත්වයටත් විරුද්ධව වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වී, දේශ ද්‍රෝහී විදේශීය බලව්වේග වල අනුග්‍රහණයෙන් පක්ෂය පරදවා, පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි ශ්‍රී ල නි ප ය නොසලකා හරිමින් සුළුතර පක්ෂයක නායකයා අගමැති බවට පත්කරමින්, ශ්‍රී ල නි ප ය විනාශ කල පුද්ගලයා එහි නායකයා ලෙස ඔබට පිළිගත හැකිද?