උතුරු මැද බහුතරය මහින්දට එයි.. අලූත් මහ ඇමති පත් කරන්නැයි ආණ්ඩුකාරගෙන් බහුතර මන්ත‍්‍රීන් ලිඛිතව ඉල්ලයි..

May 12, 2017 at 10:00 am | lanka C news
උතුරු මැද බහුතරය මහින්දට එයි.. අලූත් මහ ඇමති පත් කරන්නැයි ආණ්ඩුකාරගෙන් බහුතර මන්ත‍්‍රීන් ලිඛිතව ඉල්ලයි..

ඉදිරි සතිය ඇතුලතදී ඒකාබද්ද විපක්‍ෂයේ කණ්ඩායම විසින් උතුරු මැද පළාත් සභාවේ බලය අත්පත් කර ගන්නා බව තම කණ්ඩායමේ මහ ඇමැතිවරයෙකු පත් කර ගන්නා බවත් අනුරාධපුර දිස්‌ත්‍රික්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌.එම්. චන්ද්‍රසේන අනුරාධපුරයේ සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තම කණ්ඩායම පළාත් සභාවේ බහුතරය පෙන්වා ආණ්ඩුකාරවයාෙ වත මන්ත‍්‍රීන් බහුතරයකගේ ලිඛිත ඉල්ලිම් ඉදිරිපත් කරමින් මහ ඇමති ධුරය ඉල්ලන බවත් එය ලබා නොදෙන්නේ නම් ජනතාව සමග ගොස් පළාත් සභාව වටලන බවද ඔහු සදහන් කලේය.

58 views
Main News