උතුරු මැද බහුතර කැමැත්ත පයිසෙකට නොතකන බව අමරවීරගෙන් පනී..

May 13, 2017 at 8:40 am | lanka C news
උතුරු මැද බහුතර කැමැත්ත පයිසෙකට නොතකන බව අමරවීරගෙන් පනී..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියූ ආකාරයට සතියක් තුලදී උතුරුමැද පළාත් සභාව පෙරළා බලය පෙන්වන්නැයි අභියෝග කරන බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර පවසයි.

මේ අකාරයේ කතා ඔවුන් විසින් කරන්නේ ඇමැති ධුර සංවිධායක ධුර නැතිවීමේ දුකට බවද පවසන ඇමති අමරවීර ශ‍්‍රීලනිපය පක්‍ෂයක්‌ ලෙස ඒ ගැන කලබල නොවන බවද සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විටත් පළාත් සභාවේ සියළු සභික ධුර 33න් 18ක්ම හිටපු ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇති අතර පළාත් සභා බහුතර කණ්ඩායම වන තමනට මහ ඇමති ධුරය ලබා දෙන ලෙස ඉදිරි සතියේදී ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කරන බවද කියයි.

ඇමති අමරවීරගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන්නේ බහුතර මතය නොකතා මන්ත‍්‍රී ආසන තුනක් පමණක් හිමි වත්මන් මහ ඇමති සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

64 views

6 Comments to “උතුරු මැද බහුතර කැමැත්ත පයිසෙකට නොතකන බව අමරවීරගෙන් පනී..”

  1. Neela says:

    This is a DEMOCRACY….

  2. ජසයා says:

    හැකි ඉක්මනින්, කල් නොයවාම, වහාම, විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්න. වෙන වෙනම විශ්වාස භංග යෝජනා රැසක් ඉදිරිපත්කර, සැම සභා වාරයකදීම ඡන්දයක් පවත්වන්න. සමහර විට රජය, පලාත් සභාව විසුරුවා හැරීමට පුළුවන. එයට පෙර මෙම විශ්වාස භංග යෝජනා න්‍යාය පත්‍රයට ඇතුල් කරන්න.

  3. රාහුල කොලුවා says:

    ප්‍රඡාතන්ත්‍රවාදහ සහ යහපාලන ප්‍රඡාතන්ත්‍රවාදය යනු එකක් නොව දෙකක් බව ඡනතාව තේරුම් ගත යුතුය. බලයෙන් හිස උදුම්මා ගෙන සිටින විට බොහෝ දෙනාට යුක්තිය සාධාරණය සහ සත්‍ය නොපෙනෙ බවත් ඒවා පෙනෙන්නේ පස්ස බිම ඇනුන පසු පමණක් බවද සිහිපත් කල යුතුය.

  4. ආප්ප සනා says:

    මේකාට අනුකම්පා කල මැන . මේකාගෙ ගුටිකන මුහුණ දුටු විට අපිටම අපිට ගුටි ඇන ගන්න හිතෙන ඒකේ මේකා කොච්චර ගුටි කනවා ඇත් ද ?

  5. SMA Panadura says:

    Hambantota people should should give a good lesson to this boisterous fellow at the next general election. Empty vessels make noice.

  6. minimuthu says:

    රටේ මිනිස්සුත් අමරවීරව පඉසෙකට ගනන්ගන්නේ නෑතිබව අමරවීරට තේරේවි චන්දයක් තියපු දාට.ඉතින් චන්ද නොතියන්නෙ මුන් සේරම දන්නවා වෙන්නෙ මොකද්ද කියලා. කරනවා කියපු සේරම පල්බොරු. දෑන් ගල උඩ පහරපු බළල්ලු වගේ වහගන්න විදිහක් නෑතිව දඟලනවා. ප්‍රජාතන්ත්‍රවාදේ ගෑන මහ ඉහළින් කරපු කතා කෝ? අපිට මතකයි දවසක් කිව්වෙ “බම්බුව තමයි” කියලා.මේ පාර්ලිමේන්තුවත් බම්බුවක්ම තමයි.

Main News