උතුරු මැද මහ ඇමති අපේක්ෂක ලෙස තරග වදින්න මං සූදානම්..- මර්වින්
August 21, 2018 at 11:20 am | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරුමැද පළාත් සභා මැතිවරණයට තමන් මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සූදානම් බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ඔහු සඳහන් කරන්නේ තමන් නව සංවිධානයකින් මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
එම පළාතේ මහා සංඝයාගෙන් සහ ජනතාවගේ දිගින් දිගටම ලද ආරාධනා නිසා තමන් මෙම තීන්දුව ගත් බවද හිටපු ඇමතිවරයා කියා සිටී.
තමන් විසින් පිහිටුවා ඇති වීර දුටුගැමුණු සංවිධානය පක්ෂයක් ලෙස ඉදිරියේදී ලියාපදිංචි කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මර්වින් මහත්තයා, ඔබ තුමා දිනුවොත් දුටුගැමුනු රජතුමා වාගේ පාලනය කරන්න. නදිමිත්ර, සුරනිමල, තේරපුත්තාබය, වේලුසුමන වගේ රටට හිතති ඇමති වරු පත්කර ගන්න. හැබෙයි ඉතින් එහෙම වෙනව කියලම මේ ඉතිහාසයක් දන්නෙ නැති වර්තමාන පරම්පරාවේ චන්දෙ ඔබට ලබෙයිද. නෑ නේ. එහෙනම් මෙහෙම තමයි කියන්න ඔනා. “මම බලයට අපු ගමන් තරුන පරපුරට ෆ්රී වයි ෆයි. සියලුම 18 පැනපු අයට නොමිලේ ටැබ්. දෙන්න එක්ක නැගල යන්න ස්කූටර් නොමිලේ. අඩු මිලට කාර්” ඔන්න ඉතින් 2015 වගේ තමයි ඔබතුමා ගොඩ