උතුරු මැද වැරදිකරු ශ‍්‍රීලනිප සභාපතියි.. අලූත් එජාප සභාපති සමග වැඩ කරනවා..- උතුරුමැද ශ‍්‍රීලනිප මහ ඇමති

July 20, 2017 at 3:32 am | lanka C news
උතුරු මැද වැරදිකරු ශ‍්‍රීලනිප සභාපතියි.. අලූත් එජාප සභාපති සමග වැඩ කරනවා..- උතුරුමැද ශ‍්‍රීලනිප මහ ඇමති

උතුරු මැද පළාත් සභාවේ ඊයේ ඇති වූ සිදු වීමේදී සබා රීති උල්ලංඝණය කරමින් කටයුතු කලේ ටි.එම්.ආර්. සිරිපාල (එජනිස) මහතා බවත් ඔහු කටයුතු කලේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස බවත් උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසයි.

පසුගියදා තමනට විරුද්දව ගෙන ආ විශ්වාස භංගයේදීත් සිරිපාල සභාපතිවරයා මූලික වී වැඩ කල බවත් ඔහුගේ හිතුවක්කාරී පක්‍ෂග‍්‍රාහී ක‍්‍රියාකලාපය සභාපති තනතුර නැතිවීමට බලපෑ බවත් මහ ඇමතිවරයා සදහන් කරයි.

දිවුරුම් දුන් නව සභාපති ඒ.එම්. අමරතුංග (එජාප) මහතා සමග ගමනක් යා හැකි වෙතැයි තමන් සිතන බවද මහ ඇමතිවරයා තව දුරටත් කියා සිටී.

32 views
Main News