උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා මැතිවරණ දින නියමයක් නැතිව කල් යයි..
July 16, 2017 at 6:26 am | lanka C news
සැප්තැම්බරයේදී නිල කාලය අවසන් වන උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභාවල මැතිවරණයන්ද දින නියමයක් නොමැතිව කල් යනු ඇති බව වාර්තා වෙයි.
මීට හේතු වී ඇත්තේ පළාත් සභා මැතිවරණයක් වෙනුවෙන් නාමයෝජනා ලබා දීමේදී 30%ක් කාන්තා නියෝජනය සිදු විය යුතු යයි ජූලි මස 10 වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනයයි.
මෙම ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කිසියම් පාර්ශවයක් දැනටමත් සූදානමින් සිටින බවත් එසේ නඩු පැවරුවහොත් එම මැතිවරණයන්ද දින නියමයක් නැතිව කල් යනු ඇති බවද සදහන්ය.