උතුරු මැද සභාව විසුරුවා පැන යන්නට නොදෙයි.. මහ ඇමති පේෂලට එරෙහිව වහාම විශ්වාස භංගයක්..

May 14, 2017 at 10:00 am | lanka C news
උතුරු මැද සභාව විසුරුවා පැන යන්නට නොදෙයි.. මහ ඇමති පේෂලට එරෙහිව වහාම විශ්වාස භංගයක්..

උතුරු මැද පළාත් සභාවේ බහුකරය අහිමිවීමත් සමග එම පළාත් සභාව විසුරුවා හැරීමට යන්නේ යයි ලද තොරතුරු මත එම පළාත් සභාවේ ඒකාබද්ද විපක්‍ෂයට හිතවාදී මන්ත‍්‍රිවරුන් විසින් මහ ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වෙයි.

දිසියේ හෝ පළාත් සභාව විසිරුවා හැරියහොත් එතැන් සිට කවදා හෝ මැතිවරණය පවත්වන තෙක් මහ ඇමතිවරයා සිය බලය නියමින් හෝ අනියමින් භාවිතා කරනු ඇතැයි එම මන්ත‍්‍රී පිරිස කියයි.

මේ හේතුවෙන් ඉක්මනින්ම විශ්වාස භංගයක් සභාවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීම වැදගත් බවත් විශ්වාස භංගය ජයග‍්‍රහණය කල හැකි බහුකර මන්ත‍්‍රී ප‍්‍රමාණය දැනටමත් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම සතු බවත් ඔවුන් සදහන් කරති.

82 views
Main News