උතුරු මුහුදට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට…
August 2, 2019 at 2:10 am | lanka C news
නීති විරෝධී ලෙසින් උතුරු මුහුදු සීමාවට ඇතුල් වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් යාපනය කෝවලම් මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් නාවික හමුදා බාරයට ගෙන ඇත.
නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් නාවික හමුදා එලාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
අත්අඩංගුවට පත් ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධිවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ