උතුරු මුහුදට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට…

December 19, 2018 at 8:02 am | lanka C news
උතුරු මුහුදට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට…

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩෙල්ෆ් මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් පිරිස විසින් මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා මුර සංචාරක රථයකට නිරීක්ෂණය වීමෙන් අදාල ඉන්දීය ධීවරයින් පිරිස භාරයට ගෙන ධීවර පරික්ෂක කාර්යාලයට භාරදුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය.

ශිවකරන් මහතා පැවසූවේ අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් පිරිස පවසා ඇත්තේ තම යාත්‍රාවේ කාර්මික දෝෂයක් හේතුවෙන් අතරමංව උතුරු මුහුදු කලාපයට පාව ආ බවටත් එහිදී ඉන්දීය ධීවරයින්  නාවික හමුදා නිලධාරීන් විසින් බේරාගෙන යාපනය ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාරදි ඇති බවයි.

ඉන්දියාවේ රාමේශ්වරන් ප්‍ර‍දේශයේ පදිංචි පිරිසක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර අදාළ පිරිස යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය හරහා යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද යාපනය ධීවර පරික්ෂක කාර්යාලය කියා සිටියේය .

– වන්නි රොමේෂ් මධුෂංඛ

6 views
Main News