උතුරු මුහුදුට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට…

August 24, 2019 at 2:04 am | lanka C news
උතුරු මුහුදුට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට…

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසූවේය.

ධීවර බෝට්ටුවකින් පැමිණි යාපනයට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලු ධීවරයින් සිව් දෙනෙකු හා ඔවුන්ගේ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ධීවරයින් සමග ධීවර යාත්‍රාව හා ධීවර ආම්පන්න, සන්නිවේදන උපකරණ ඇතුලු උපකරණද අත්අඩංගුවට ගෙන යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇති බවද ධීවර පරික්ෂක කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්සක වරයා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

615 Viewers
Main News