උතුරු මුහුදෙන් කේරල ගංජා කිලො 527ක් නාවික හමුදා අත්අඩංගුවට…

February 3, 2019 at 8:02 am | lanka C news
උතුරු මුහුදෙන් කේරල ගංජා කිලො 527ක් නාවික හමුදා අත්අඩංගුවට…

යාපනය වැලුවැටි තුරෙයි ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 18.5ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු 31 දින අත්අඩංගුවට ගෙන ඇති අතර ගෙවනු ජනවාරී මස තුල පමණක් උතුරු මුහුදේදී කේරල ගංජා කිලෝ 527ක් අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව කියා සිටියේය.

නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව යාපනය, පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් වැල්වැටිතුරෛයි ප්‍රදේශයේදී අදාල කේරළ ගංජා කිලෝග්‍රෑම් 18.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය අලෙවි කිරීම සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැල්වැටිතුරෛයි සහ නගර්කෝවිල් ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 38 සහ 27 වන වියෙහි පසුවන අතර අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරෛයි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන කොට ඇත.

උතුරු මුහුදේදී සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවත්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

50 views
Main News