උතුරු මුහුදෙන් විශේෂ වූ කොරල් පරියක් නාවික හමුදාවෙන් සොයාගනී..

July 8, 2019 at 2:04 am | lanka C news
උතුරු මුහුදෙන් විශේෂ වූ කොරල් පරියක් නාවික හමුදාවෙන් සොයාගනී..

යාපනය කන්කසන්තුරේ වරාය පරිශ‍්‍රය ආසන්නයේ නාවික හමුදාවේ කිමුදුම් බලකාය විසින් සිදු කරන ලද සොදිසියකදී නව  කොරල් පරයක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම කොරල් පරය කන්කසන්තුරෙයි වරායට ආසන්නයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇති  බවත් මෙය මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු වූ අලංකාර කොරල් පරයක් බව නාවික හමුදාව සඳහන් කරයි.

උතුරු නාවික විධාන බාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධික්ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් මෙතෙක් නොදුටු මෙම කොරල් පරයක් සොයා ගෙන ඇත.

සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරල් පර හඳුන්වා දිය හැකි අතර ස්වාභාවික හේතූන් නිසා හෝ මිනිස් ක්‍රියාකාරකම් මෙම කොරල් පර විනාශ වෙමින් පවති. මේ හේතුව නිසා අදා මුහුදු පෙදෙස සංරක්ෂණය කර මෙම කොරල්පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,433 Viewers

2 Comments to “උතුරු මුහුදෙන් විශේෂ වූ කොරල් පරියක් නාවික හමුදාවෙන් සොයාගනී..”

  1. Kali says:

    කියන තැනකට වදින්නන් තියන තැන විතරක් කියන්න එපා.

    • vajira says:

      හරියට හරි. තියෙන තැන දැනගත්තම ඔක්ක්කොම කොල්ලොයි බල්ලොයි මාධ්‍ය ගෙම්බොයි ගිහිල්ල ඕක නැතිවෙන්න වැඩ සෙට්කරනවා .

Main News