උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදා අත්අඩංගුවට…

February 22, 2019 at 2:07 am | lanka C news
උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදා අත්අඩංගුවට…

උතුරු මහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා 3 ක් උතුරු නාවික විධානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී කරෙයිතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් පස්දෙනෙකු ද, ඩෙල්ෆ් දුපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රා දෙකක් සහ එහි සිටි ධීවරයින් අටදෙනෙකු ද නාවික හමුදාව මෙලෙස අත්අඩංගුවට  ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි පොලිසිය වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවල තිබී මසුන් තොගයක් ධීවර ආම්පන්න තොගයක් හා ජී.පී.එස්. යන්ත්‍ර, වෝකිටෝකි, ඇතුලු සන්නිවේදන උපකරණ තොගයක් හමු වී ඇත.

මෙම වසරේදි ගත වූ කාලය තුලදී පමණක් නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 31 දෙනෙකු සමඟින් ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවටද උතුරු නාවික හමුදා නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

513 Viewers
Main News